ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ලක්ෂණ පහළ කර තිබේ. ඒදිගින් දිගටම ඔහුට ඇතිවන ආබාධ හේතුවෙනි. එසේම මේ ආබාධ තත්ත්වයන් හේතුවෙන් ඔහුට 2015 වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානය අහිමිවීමට අවස්ථාවක් ඇති බවත් ක්ලාක් පවසයි.
එසේම තමන්ට නැවතවරක් ක්රීඩිපිටියට නොපැමිණීමේ අවස්ථාවක් පවතින බවත් ක්ලාක් පවසයි.
ක්ලාක් පසුගියදා (13දා) අවසන් වූ ඉන්දියාව සමග පළමු ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේදී කොන්දේ ආබාධයකට ලක්විය.කෙසේ වෙතත්නැවතත් පිටියට පැමිණි ඔහු අවසන් දිනයේදී නැවත වතාවක් කලවයේ ආබාධයකට ලක්වූ අතර, ඒ හේතුවෙන් ඔහුට තරගාවලියේ ඉදිරි තරග තුනම අහිමි වනු ඇත. මේ වන විට කරනු ලැබූ වෛද්‍ය පරීක්ෂන වලින් හෙලිවී ඇත්තේ ක්ලාක්ගේ දකුණු කලවය ඉරීමකට ලක්ව ඇති බවයි.
මේ අතර එම තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී ක්ලාක් ප්‍රකාශ කළේ තමා මින්පසු ක්‍රීඩාවෙන් සමුගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
"මගේ අබාධය පිළිබඳ පරීක්ෂණ මගින් ඒ තරම් ලොකු ප්‍රගතියක් පෙන්නුම් කරන්නෙ නෑ.මේ පිළිබඳ විශේෂඥයන් සමග සාකච්ජා කිරීමේන් පසු මම ඉදිරි ක්‍රියාමාර්ගයට එළඹෙනවා" යනුවෙන් මෙම මාධ්‍ය හමුවේදී ක්ලාක් වැඩිදුරටත් පැවසීය.