ආසියානු රග්බි ශූරතාවලිය (පළමු කාණ්ඩය) ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද (06දා) මුහුණදුන් තරගයෙන් කසකස්තාන කණ්ඩායම පරාජය කර ලකුණු 35 – 14 ක විශිෂ්ට ජයක් ලැබීමට සමත්විය. අවසන් පූර්ව වටයේ තරගයක් ලෙස මෙම තරගය පැවැති අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම කාණ්ඩයේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට හැකිවිය. මෙම තරගාවලිය පිලිපීනයේ මැනිලා අගනගරයේ පැවැත්වෙයි.
මෙම තරගයේ ආරම්භයේ සිට ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට දැඩි අභියෝගයක් එල්ල කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ පළමු මිනිත්තු 20 අවසන් වනවිට ලකුණු 15- 00 ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත්වූහ. පළමු අර්ධය අවසන් වනවිට කසකස්තාන ක්‍රීඩකයෝ තරගයට අවතීර්ණ වන්න යම් උත්සහයක් දැරූවද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දැඩි සටන්කාමීත්වය හමුවේ ඒ සියලු උත්සාහයන් ව්‍යාර්ථ විය. ඒ අනුව පළමු අර්ධය අවසන් වනවිටත් ලකුණු 22 – 07 ක් ලෙස පසුපසින් සිටීමට කසකස්තාන ක්‍රීඩකයන්ට සිදුවිය.
දෙවැනි අර්ධය ආරම්භ වී තවත් මිනිත්තු 20ක් ගත වනවිට තවදුරටත් සිය ආධිපත්‍ය තහවු රුකරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 25 – 14 ක් ලෙස ප්‍රතිවාදීන්ට වඩා ඉදිරියෙන් සිටීමට සමත්වූහ. අවසන් මිනිත්තු 20දීද ශ්‍රී ලංකා පවුර බිඳහෙළීමට කසකස්තාන ක්‍රීඩකයන්ට නොහැකිවූ අතර, ඒ අනුව සමස්ත තරගයෙන් ලකුණු 35 – 14 ක් ලෙස ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.