ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින හා විස්සයි 20 ක්‍රිකට් ක්‍රීඩා කළ තිළිණ කණ්ඩම්බි සිය ක්‍රිකට් ජීවිතයේ සමුගැනීම නිල වශයෙන් අද (08දා) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
2004 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ජාතික කණ්ඩායමේ එක්දින වර්ණ හිමිකර ගන්නා විට කණ්ඩම්බි 21 හැවිරිදි වියෙහි පසුවිය. මේ වනවිට එක්දින තරග 39 කදී ලකුණු 870 ක් හා විස්සයි 20 තරග 5 කදී කඩුලු 2 ක් පමණක් දවාගෙන ඇත.
කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා වශයෙන් කටයුතු කළ කණ්ඩම්බි සමුගැනීම ප්‍රකාශයට පත්කරන විට 33 හැවිරිදි වියෙහි පසුවන්නේය. කණ්ඩම්බි කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ අතර, ශ්‍රී ලංකා 15 න් පහළ, 17 න් පහළ හා 19 න් පහළ ජාතික සංචිතවලද නායකයෙකු හා උපනායකයෙකු ලෙස කටයුතු කර තිබේ.