අවස්ථා නවයකදී ලොක මෝටෝ ජීපී ශූරතාවලිය ජයගත් ඉතාලියේ වැලන්ටිනෝ රොසි පුහුණුව්ම්වලදී සිදුවූ අනතුරකින් පසුව දින 18ක් ඇතුළත නැවතත් ධාවන පථයට පිවිසීමට සමත්ව තිබේ.
අනතුර හේතුවෙන් ඔහුගේ දකුණු පාදය ස්ථාන දෙකකින් කැඩී ගියත් බොහේ දෙනෙකු මවිත කරමින් ඔහු ස්පාඤ්ඤයේ එම තරගය මේ සති අන්තයේදී පැවැත්වීමට නියමිත අතර රොසි හෙට (20දා) අවසන් තීරණය ගැනීමට නියමිතය.
ආබාධය සඳහා ශල්‍ය කර්මයකටද භාජනය වූ රොසි ඉතාලියේ මාකෝ සිමොන්සලී ධාවන පථයේදී පුහුණුවීම් ආරම්භ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අගෝස්තු 31දා ඔහු ආබාධයකට ලක්වූ අතර සැප්තැම්බර් 18 දා ඔහු නැවතත් සිමොන්සලී ධාවන පථයට පිවිසියේය.