නවසීලන්තය 58 – 14 නැමීබියා
රග්බි ලෝක කුසලාන තරගාවලියේ අද අලුයම (25දා) පැවැති තරගයකින් නැමීබියා කණ්ඩායම පරාජය කර ලකුණු 58 – 14 ක් ලෙස පහසු ජයක් ලැබීමට ප්රබල නවසීලන්ත (ඕල් බ්ලැක්ස්) කණ්ඩායම සමත්විය.
තරගයේ කිසිදු අයුරකින් ප්රතිවාදීන්ට අවස්ථාවක් ලබානොදුන් නවසීලන්ත ක්රීඩකයෝ පළමු අර්ධය අවසන් වනවිට ලකුණු 34 – 06 ක් ලෙස ඉදිරියෙන් සිටියහ.
ජයග්රාහී නවසීලන්ත ක්රීඩකයන් ගෝල දිනුම් 05 ක්, උත්සාහක දිනුම් 04 ක් හා එක් දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් සිය ලකුණු පුවරුව ශක්තිමත් කළ අතර, නැමීබියා ක්රීඩකයන්ට සාර්ථක කරගැනීමට හැකිවූයේ ගෝල දිනුමක් හා දඬුවම් පහර 02ක් පමණි.