මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාවෙන් ශේෂ්ඨ පුතෙකු බවත් ඔහු ශ්‍රී ලංකාවට ආදරය කරන බවත් ඕනෑම කෙනෙකු පුහුණු කිරීමට හෝ ඕනෑම කෙනෙකුට උපදෙස් ලබාදීමට මුරලි නිදහස් බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සඳහන් කරයි.
මුරලි ඔස්ට්‍රේලියා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස මුරලි එක්වීමත් සමග ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් සංගක්කාර ඉහත අදහස් ප්‍රකාශ කරයි.
එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසියම් අවස්ථාවකදී ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුවීම් ලබාදීමට මුරලිට ආරාධනා කළේනම් ඒ අවස්ථව වෙනුවෙන් මුරලි පෙනී සිටිනු ඇති බවත් ක්‍රිකට් පිටියේදී මෙන්ම ඉන් පිටතදීත් මුරලි ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය උපරිමය ලබාදී ඇති බවත් සංගා සඳහන් කරයි.
මුරලි පිළිබඳව සෑම කෙනෙකුම ආඩම්බර විය යුතු බවත් ශ්‍රී ලංක දග පන්දු යවන්නෙකුගේ මුරලිගෙන් උපදෙසක් විමසුවහොත් ඒ සඳහා උදව් කිරීමට මුරලි ප්‍රථමයෙන්ම ඉදිරිපත් වෙනු ඇති බවත් සංගා පවසයි. එසේම ඇතිව තිබෙන ගැටලු කාරී තත්ත්වය මුරලි හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකට හිදගෙන එය විසඳාගත හැකි බව තමාට විශ්වාස බවත් සංගා වැඩිදුරටත් පවසයි.