සත්කාරක පාකිස්තාන කණ්ඩායම පරාජය කරමින් ඊයේ (07දා) රාත්‍රියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජාහිදී පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 93 ක ජයක් ලැබීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.
එම ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔවුහු සමත් වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 255/8 ක් රැස්කිරීමට සමත්විය.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ස්ටීවන් ස්මිත් තම මංගල එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 101 ක් රැස්කිරීමට සමත්විය. පන්දු යැවීමෙන් පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෂහීඩ් අෆ්රිඩි 3/46 ක් ලෙස කඩුලු දවාලමින් සිය පන්දුවාර 10 නිමා කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 36.2 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 162 ක් පමණි. උමාර් අක්මාල් (46) හා සර්ෆාස් අහමඩ් (34) කෙටි ඉනිම් ගොඩනගමින් දක්ෂතා දැක්වූවත් වෙනත් කිසිදු පිතිකරුවෙකුට කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙනයා හැකි ඉනිමක් ගොඩනැගීමට නොහැකිවිය. ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූ මිචෙල් ජොන්සන් කඩුලු තුනක් දවාගත් අතර, නේතන් ලයන් හා ග්ලෙන් මැක්ස්වෙල් කඩුලු දෙක බැගින් දවාගත්හ.
තරගයේ විශේෂ අවස්ථා
සුල්ෆිකර් බාබර් මෙම තරගයේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් එක්දින වරම් හිමිකරගත් අතර, වයස 35 ඉක්මවා එම අවස්ථාව හිමිකරගත් දෙවැනි පාකිස්තාන ක්‍රීඩකයා ඔහු වේ. මීට පෙර 1987 වසරේදී ඉන්දියාවට එරෙහිව යුනිස් අහමඩ් වයස 39 දී එක්දින ජාත්‍යන්තර වරම් හිමිකරගෙන ඇත.
ආරෝන් ෆින්ච් මෙම තරගයේ පළමු පන්දුවෙන්ම දැවීගිය අතර, 2001 වසරේ සිට එවැනි දැවීයාමකට ලක්වූ අටවැනි ඔස්ට්‍රේලියානු පිතිකරුවා ඔහුවේ. මෙම දැවීයාමත් සමග අවස්ථා දෙකකදී ඔහු පාකිස්තානු පන්දු යවන්නන් හමුවේ දැවීගොස් ඇත.
පාකිස්තාන කණ්ඩායම අවසන් වසර පහ තුළදී ලකුණු 200 අඩුවෙන් දැවී ගිය 14 වැනි අවස්ථාව මෙය වේ. ඔවුන්ට අමතරව එම කාලවකවානුව තුළ සිම්බාබ්වේ කණ්ඩායම අවස්ථා 15 කදී මෙම දැවීයාමට ලක්ව ඇත.
ෂහිඩ් අෆ්රිඩ් මෙම තරගයේ දවාගත් කඩුලු තුනත් සමගින් ඔහු මේ වනවිට දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 381 ක් වන අතර, තවත් එක් කඩුල්ලක් දවාගත හොත් ඔස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ග්‍රාත් (381) අභිබවා වැඩිම එක්දින කඩුලුලාබීන් අතර හයවැනි තැනට පැමිණීමට ඔහුට හැකි වේ.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව
Australia innings (50 overs maximum)
R
M
B
4s
6s
SR
AJ Finch
c Ahmed Shehzad b Mohammad Irfan
0
1
1
0
0
0.00
DA Warner
c Umar Akmal b Shahid Afridi
43
78
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Top