සත්කාරක පාකිස්තානු කණ්ඩායම පරාජය කර ඩුබායිහිදී ඊයේ (05දා) පැවැති එකම පන්දුවාර විස්සයි20 තරගයෙන් කඩලු හයක ජයක් ලැබීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 96/9 ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රාහී ලකුණු 97 ක ඉලක්කය පන්දුවාර 14 ක් අවසානයේ කඩුලු 04 ක් පමණක් දැවී පසුකරයාමට සමත්විය. තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ ග්ලෙන් මැක්ස්වෙල් තරගයේ වීරයා සම්මානය හිමිකරගත්තේය.
පාකිස්තාන පන්දුවාර විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට නැවත වරක් ෂහිඩ් අෆ්රිඩි පත්කිරීමෙන් පසු ඔහු කණ්ඩායම මෙහෙයවූ පළමු ජාත්‍යන්තර තරගයද මෙය වෙයි.