ඔස්ට්‍රේලියාවට ලකුණු 62ක ජයක්
සිම්බාබ්වේහිදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. ඒ තරගාවලිවේ පස්වන තරගය ලෙසින් දකුණු අප්‍රිකාව සමග ඊයේ (02දා) පවැති තරගයෙන් ලකුණු 62 ක ජයක් ලබමිනි.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 282ක් රැස්කිරීමට සමත් විය.
ඔස්ට්‍රේලියානු ඉනිමේ අවසන් භාගයේදී ප්‍රවේගවත් පිතිහරඹයක නියැළුණු මිචෙල් මාෂ් පන්දු 51 කදී නොදැවී ලකුණු 86ක් රැස් කීරීමට සමත් විය. ඊට අමතරව ආරම්භක පිතිකරු පිලිප් හියුස් ලකුණු 85ක් රැස්කිරීමට සමත් විය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් අරොන් පැන්ගිසෝ කඩුලු 2ක් දවාළීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 44 ක් තුළ සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 220 ක් පමණි. දකුණු අප්‍රිකාවේ ජයග්‍රහණය වෙනුවෙන් සටනක නිරත වූ ෆෆ් ඩු ප්ලෙසී පන්දු 109 ක් තුළ ලකුණු 126 ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමෙන් මිචෙල් ජෝන්සන්, ග්ලේන් මැක්ස්වෙල්, කේන් රිචඩ්සන් හා මිචෙල් මාෂ් කඩුලු 2 බැගින් බිඳහෙළූහ. තරගයේ වීරයා සම්මානය තුන් ඉරියව්වෙන්ම දස්කම් පෑ මිචෙල් මාෂ්ට හිමිවිය.
ඔස්ට්‍රේලියාව 282/7 (පන්දුවාර 50)
මිචෙල් මාෂ් 86* (පන්දු 51, 4x5, 6x7)
පිලිප් හියුස් 85 (පන්දු 92, 4x7,6x1)
ආරොන් පැන්ගිසෝ 2/39 (පන්දුවාර 10)
මෝනි මෝකල් 1/51 (පන්දුවාර 9)
දකුණු අප්‍රිකාව 220/10 (පන්දුවාර 44)
ෆෆ් ඩු ප්ලෙසි 126 (පන්දු 106, 4x9, 6x4)
ඩේව්ඩ් මිලර් 24 (පන්දු 41, 4x2)
මිචෙල් ජෝන්සන් 2/30 (පන්දුවාර 9)
කේන් රිචඩ්සන් 2/38 (පන්දු වාර 8)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
