ලෝක කුසලාන රග්බි තරගාවලියේ අද (18දා) පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තවත් තරග දෙකකින් ජයග්‍රහණය ලැබීමට ආර්ජන්ටිනාව හා ඔස්ට්‍රේලියාව සමත්විය. ඒ අනුව අර්ධ අවසන් පූර්ව වටයේ සියලුම තරග මේ වනවිට අවසන්ව ඇති අතර, අවසන් පූර්ව වටයේ තරග එළබෙන සති අන්තයේදී පැවැත්වේ.
ඔස්ට්‍රේලියාව 35 – 34 ස්කොට්ලන්තය
අවසන් මිනිත්තුව තෙක් ජයග්‍රාහකයා නිෂ්චිතව තහවුරු කළ නොහැකි තරමට තියුණු මුහුණුවරවක් ගත් අද (18දා) ලන්ඩන්හි පැවති සිව්වැනි අවසන් පූර්ව තරගයෙන් ස්කොට්ලන්තය පරාජය කර ලකුණු 35 – 34 ක් ලෙස තියුණු ජයක් ලැබීමට ලෝක ශූර ඔස්ට්‍රේලියාව සමත්විය.
මෙම තරගයේ අවසන් මිනිත්තුව වනතෙක්ම ස්කොට්ලන්තය ජයග්‍රහණයේ වැට මායිමේ සිටියද, අවසන් මොහොතේ දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් තරගයේ ජය තහවුරු කරගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.
මෙම තරගයේ පළමු අර්ධය අවසන් වනවිටත් ලකුණු 16 – 15 ක් ලෙස ස්කොට්ලන්තය පෙරමුණගෙන සිටියේය.
ජයග්‍රාහී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ගෝල දිනුම් 02ක්, උත්සාහක දිනුම් 03ක් හා දඩුවම් පහර 02ක් සාර්ථක කරගත් අතර, ස්කොට්ලන්තය ගෝල දිනුම් 02ක්, උත්සාහක දිනුමක් හා දඩුවම් පහර 05ක් සාර්ථක කරගත්හ.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් පූර්ව වටයේදී ආර්ජන්ටිනාව සමගින් එළබෙන 25 වැනිදා තරග වැදීමට නියමිතය.
ආර්ජන්ටිනාව 43 – 20 අයර්ලන්තය
බොහෝදෙනා අයර්ලන්තය ජයගනු ඇතැයි කළ නිල නොවන අනුමාන පුස්සක් බවට පත්කරමින් අර්ධ අවසන් පූර්ව වටයේ කාඩිෆ්හිදී අද (18දා) පැවති තෙවැනි තරගයෙන් ප්‍රබල අයර්ලන්තය පරාජය කර ලකුණු 43 – 20 ක අනපේක්ෂිත ජයක් ලැබීමට ආර්ජන්ටිනාව සමත්විය.
මෙම තරගයේ ආරම්භයේ පටන් ජයග්‍රහණයේ පෙරනිමිති පෙන්නුම් කළ ආර්ජන්ටිනාව පළමු අර්ධය අවසන් වනවිටත් ලකුණු 20 -10 ක් ලෙස පෙරමුණගෙන සිටියේය.
ආර්ජන්ටිනාව ගෝල දිනුම් 04 ක් හා දඩුවම් පහර 05 ක් සාර්ථක කරගත් අතර, අයර්ලන්තයට සාර්ථක කරගැනීමට හැකිවූයේ ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් හා දඩුවම් පහර 02ක් පමණි.