ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා රයිසින් පූනේ සුපර්ගෙයින්ට්ස් කණ්ඩායම අතර ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ අද පැවැති දෙවැනි තරගයෙන් කඩුලු හතක පහසු ජයක් ලැබීමට රයිසින් පූනේ කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8ට ලකුණු 184ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පූනේ කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුලු හතක් පමණක් දැවී ලකුණු 187ක් රැස්කරමින් තරගය ජයගැනීමට සමත්වූයේය.
මුම්බායි කණ්ඩායම වෙනුවෙන් කිරන් පොලාඩ් යොමුකළ අවසන් පන්දුවාරයට තරගයේ ජයග්‍රහණය සඳහා පූනේ කණ්ඩායමට ලකුණු 13ක් අවශ්‍යව තිබුණි.
එම පන්දුවාරයේ පළමු පන්දු තුන ලකුණු තුනකට සීමා කිරීමට ඔහු සමත්විය. කෙසේ වෙතත් සිවුවැනි පන්දුවට හා පස්වැනි පන්දුවට පිටපිටම හයේ පහර දෙකක් එල්ල කිරීමට ස්මිත් සමත්විය. ඒ අනුව තරගයේ ජය පූනේ කණ්ඩායමට හිමිවිය.
පූනේ කණ්ඩායමේ නායක ස්මිත් පන්දු 54කදී නොදැවී ලකුණු 84ක් රැස්කිරීමට සමත්විය.