ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය කළ ළාබාලම ක්‍රීඩකයෙකු වන ඉයන් ක්‍රේග් ඊයේ (16දා)අභාවප්‍රාප්ත වී ඇත. මිය යනවිට 79 වැනි වියේ පසුව ක්‍රේග් ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරූ ළාබාලතම ක්‍රීඩකයාද වෙයි.
ඔහුගේ මරණයට හේතුවී ඇත්තේ කාලයක් තිස්සේ පීඩා විඳිමින් සිටි පිළිකාවකි.
1953 වර්ෂයේදී දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගයකින් සිය අන්තර්ජාතික ක්‍රිකට් ජීවිතය ආරම්භ කරන විට ක්‍රේග්ගේ වයස අවුරුදු 17 ක් වන අතර, 1956 වර්ෂයේදී ඔහු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වනවිට වයස අවුරුදු 21 ක් විය.