(UPDATE) 7.22 PM
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා කරන විට ලකුණු 412ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටින ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 25ක් රැස්කරගෙන අසීරු තත්ත්වයක සිටියේය.
හෙට දිනයේදී ඔස්ට්‍රේලියාවට තරගයේ ජයග්‍රහණය සඳහා කඩුලු හතකට රැස්කළ යුතු ලකුණු සංඛ්‍යාව 388කි. ආසියාවේදි ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙතෙක් මෙවැනි විශාල ඉලක්කයක් හඹාගොස් ජයග්‍රහණය ලබා නොමැත.
දින දෙකට දෙපිළේම කඩුලු 33ක් බිඳ වැටුණු අතර එය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ටෙස්ට් තරගයදි දින දෙකකදී බිද වැටුණු ඉහළම කඩුලු ප්‍රමාණය වෙයි.
අද දිනයේදී පමණක් කඩුලු 21ක් බිඳ වැටුණි.
සංචාරක ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 237 කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් විය. ශ්‍රී ලංකා ඉනිමේ පසුපෙළ සාර්ථක කළ ඩිල්රුවනු පෙරේරා ලකුණු 67 ක් වාර්තා කළ අතර ඔහු හැරෙන්නට අනෙක් කිසිදු පිිතකරුවෙකුට ලකුණු 50 සීමාව ඉක්මවීමට නොහැකි විය.
පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද ශ්‍රී ලංකා ඉනිම විනාශ කළ මිචෙල් ස්ටාක් කඩුළු 6 ක් දවාලූ අතර මේ සමගින් සමස්ථ තරගයේදී කඩුළු 11 ක් බිඳ හෙලිමට ඔහු සමත් විය. මෙය ටෙස්ට් තරගයකදී ස්ටාක්ගේ හොඳම පන්දු යැවීම වන අතර ගාල්ලේදී විදෙස් පන්දු යවන්නෙකු ශ්‍රී ලංකාවට එරෙහිය වාර්තා කල හොඳම පන්දු යැවීම ද විය. කෙසේ වෙතත් මේ සමගින් ඔස්ට්‍රේලියාවට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 412 ක ඉලක්කයක් ලබා දීමට ශ්‍රී ලංකාවට හැකි විය. තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලැබූ ලකුණු 281 ට පිළිතුරු ලෙසින් ඔස්ට්‍රේලියාවට සියළු දෙනා දැවි සිය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 106 ක් පමණි.