කොළඹ සුගතදාස ක්රීඩාංගණයේ ඉදිකර තිබෙන ඔලිම්පික් පහන මේ වනවිට පුපුරාගොස් ඇත.. පසුගිය සතියේ අවසන්වූ යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්රීඩා තරගාවලියේදී මෙම පහන අවසන් වරට දල්වා ඇත.
2006 වසරේ කොළඹ පැවැති දසවැනි දකුණු ආසියානු මලල ක්රීඩා තරගාවලිය වෙනුවෙන් රැපියල් ලක්ෂ 8ක වියදමින් මෙය ඉදිකර ඇති අතර, ඉදිකර වසර හතක් ගතවී ඇතත් මේ දක්වා කිසිදු අවස්ථාවකදී මෙහි ප්රතිසංස්කරණයක් සිදුකර නොමැති බව වාර්තාවේ. මීට අමතරව මෙම පහන දැල්වීම සඳහා යාමට තිබෙන තරප්පු පෙළද මේ වනවිට ඉතා අවදානම් තත්ත්වයක තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වෙයි.