ලෝකයේ බිහිවූ ශේෂ්ඨතම එක්දින ක්‍රීඩකයා තෝරා ගැනීම සඳහා වන මත විමසුමක් www. cricket. com. au වෙබ් අඩවිය ආරම්භ කොට තිබේ.
එහි අවසන් සිවුදෙනා තෝරා ගැනීම මේ වන විට සිදුවන අතර ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය හා විරාත් කෝලි අතර අවසන් සිවුදෙනාගෙන් එක් අයෙක් තොරා ගැනීම සඳහා මත විමසුමක් පැවැතියේය.
|
53%ක ඡන්ද ප්‍රතිශතකයක් ලබාගනිමින් ඉන්දියාවේ විරාත් කෝලි පරදා අවසන් සිවුදෙනාට පිවිසීමට සමත් ජයසූරිය සමත්වුණා. http://goo.gl/x4Ntr3
|
එක් අවස්ථාවකදී ප්‍රකාශිත ඡන්ද අතරින් 52%ක ප්‍රතිශතකයක් ඉන්දියාවේ විරාත් කෝලිට හිමිව තිබූ අතර සනත්ට ලැබී තිබුණේ 48%ක ප්රතිශතකි. කොලි පරදා සනත් ඉදිරියට පැමිණීම හේතුවෙන් ඔහු හා සචින් අතර අවසන් තරගයට පිවීසීම සඳහා මත විමසුමක් පැවැත්වෙයි.
මේ අතර කුමාර් සංගක්කාර හා ශේන් වෝන් අතර පවතින මත විමසුමෙන් එක් අයෙක් හා ඉම්රාන් ඛාන් හා වකාර් යුනිස් අතර පැවැත්වෙන මත විමසුමෙන් එක් අයෙක්ද අවසන් සිවුදෙනා අතරට පිවිසීමට නියිමිතය.