ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස අසංක ගුරුසිංහ පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ලැබීය. 1996 වසරේදී ලෝක කුසාලය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක තුන පිතිකරුවා ලෙසින් කටයුතු කළ අසංක ගුරුසිංහ නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් හා එක්වෙන්නේ වසර 20ට පමණ පසුවය.
සිය නව තනතුර පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසන්නේ නව තනතුර තමන් සතුටින් බාර ගන්නා බවයි. එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් මහතා පිළිබඳව තමන්ට ගෞරවයක් ඇති බවත් ඔහු හා ඉතාමත් සමීපව කටයතු කිරිමට බලාපොරොත්තු වන බවත් ගුරුසිංහ පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරුණ කණ්ඩායමක් බවත් ඒ අනුව තමන්ට අවස්ථාව ලැබුණේ සුදුසුම වේලාවේදි බවත් පවසන ගුරුසිංහ තම අත්දැකීම් හරහා කණ්ඩායමට වටිනාකමක් එක් කරන බවද පවසයි.
ඔස්ට්‍රේලියාවේ තෙවැනි මට්ටමේ පුහුණුකරුවෙකු වන ගුරුසිංහ සෙනසුරාදා දිනයේදී සිය රාජකාරී බාර ගැනීම සඳහා කොළඹට පැමිණීමට නියමිතය.
Cricbuzz ඇසුරෙනි