Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
මම 2015 ක්‍රිකට් නිලවරණයෙන් පරාජයට පත්වුණාට පස්සේ ඉල්ලීමක් කළා, පාලක මණ්ඩලය විවේචනය නොකර ඒ පිරිසට වැඩ කරගෙන යන්න අවස්ථාවක් දෙමු කියලා. පසුව මෙහි අවුරුද්දක් එකහමාරක් වැඩ කෙරීගෙන යනකොට අපිට තේරුණා, ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රිකට් දියුණුවට වඩා ඒ ගොල්ලන් පරිපාලනමය වශයෙන් ඒ ගොල්ලන්ගේ පැවැත්ම, ඒ වගේම මූල්‍යමය වශයෙනුත් වැරදි වැඩ කටයුතුත් කරනවයි කියලා.
විශේෂයෙන්ම ලංකාවේ පළවැනි පාරට දේශීය තරගාවලියක තරග පාවාදීම් වැනි දේවල් වෙන්න පටන් ගත්තා. ඒක පටන් ගත්තේ ඒ පාලක මණ්ඩලයේ ඉන්න නිලධාරීන් සම්බන්ධ වෙලා. ඉතින් එහෙම තත්ත්වයක් මත ක්‍රිකට් ක්‍රීඩාව දියුණු වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. පාලකයන් එහෙම කරනවා නම්, ක්‍රීඩකයන්ට කියනවා නම් මෙහෙම දේවල් කරන්න කියල, ඊට වඩා ලොකු දේවල් වුණත් ක්‍රීඩකයෝ කරන්න පුළුවන්. ඒ හින්දා මම හිතාගත්තා මේකට විරුද්ධව මොකක් හරි වැඩපිළිවෙළක් ගන්න ඕනේ කියලා. ඒ වගේම මට හුඟක් ක්‍රීඩකයන්ගෙනුත්, හිටපු පාලකයන්ගෙනුත් ඉල්ලීමක් ආවා මේකට විරුද්ධව තරග කරන්න ඉදිරිපත් වෙන්න කියලා. ඒක තමයි මූලිකම හේතුව. විශේෂයෙන්ම චාමර සිල්වා වැනි ක්‍රීඩකයන්ට කරන්න හදපු අසාධාරණය වගේ දේවල් හින්ද තමයි මේ තත්ත්වෙදී මම තරග කිරීමට ඉදිරිපත් වුණේ.
මේකෙන් මං බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මැයි මාසෙ 19 වැනිදා තිබුණ අපේ 'Stakeholders' විශේෂ මහා සභා කමිටු රැස්වීමක්. ඒකෙදී වත්මන් පරිපාලනය ඉදිරිපත් කළා, අපිට notice දීල එවුවට වඩා වෙනස් ව්‍යවස්ථාවක්. ඉතින් ඒකෙදී මම කතා කරලා කිව්වා මේ වගේ වැරදි වැඩ කරන්න එපා කියලා. මේක අපේ ක්‍රීඩා සමාජවලට සති දෙකකටවත් කලින් ඇවිල්ලා, අපි අපේ ක්‍රීඩා සමාජ සමග සාකච්ඡා කරලා තමයි මේ වගේ ඒවට තීරණ ගන්න ඕනෙ. ඒ හින්දා මේ වගේ වැරදි වැඩ කිරීමෙන් වළකින්න කියලා අපි ඉල්ලා සිටිනවා.
නමුත් අපේ ක්‍රීඩා සමාජ කිහිපයක් ඒක අනුමත කළා. ගොඩක් අය ඒ ව්‍යවස්ථා වෙනස් කිරීම් ඒ ගොල්ලන්ට ප්‍රශ්නයක් නෑ කියල අනුමත කළා. ඉතින් මම හිතුවා මේක ක්‍රීඩා නීතියටත්, ව්‍යවස්ථාවටත්, ඒකේ තියෙන නියමයන්ට වඩා වෙනස් නීති උල්ලංඝණයක් නිසා නඩු දැමිය යුතුයි කියලා. ඒ වගේම මේ ක්‍රීඩා නීතියේ තියෙනව ක්‍රීඩාව ආරක්ෂා කරගන්න පරිපාලනය සම්බන්ධයෙන් ගතයුතු දේවල් පිළිබඳව. විශේෂයෙන්ම කවුරු හරි සෘජුව හෝ වක්‍රව බුකී ව්‍යාපාරයට සම්බන්ධ නම් ඒ පුද්ගලයන්ට නිලවරණයට තරග කරන්න බැහැ. කවුරු හරි මාධ්‍යයට සම්බන්ධ නම් එන්න බෑ. තව කාවහරි ක්‍රිකට් බඩු ආනයනය කරනවා නම් ඒ අයටත් බෑ. ඉතින් මේවා දැන දැනත් ඒවා කරන කට්ටිය මේව පාලනය කරන් ඉන්න හදනවා නම් රටවැසියෙකු හැටියටත්, ක්‍රිකට් ක්‍රීඩකයෙකු හැටියටත්, ක්‍රිකට් පාලකයෙකු හැටියටත් මේකට විරුද්ධව කවුරු හරි නැගී සිටිය යුතුයි කියලා මම හිතුව. කවුරුත් නැති වුණොත් මම හරි නැගී සිටිනව කියලා තීරණයක් අරන් තමයි මම නඩු මගට එක් වුණේ.
නිලවරණ කමිටුවක් පත්කරන්න කියලා 2016 සිට හිටපු ක්‍රීඩා ඇමතිතුමා දැනුම් දීලා තිබුණා. ඊට පස්සෙ 2015 ඉඳන් 2018 මැයි මාසය වෙනකම් ඒ ගොල්ලන්ට ඕන තරම් අවස්ථාවන් තිබ්බ නිලවරණ කමිටුවක් පත් කරන්න. නිලවරණ කමිටුවක් පත් කරන්න හේතුව තමයි සම්පූර්ණ නිලවරණය පරිපාලනය. ඉතින් ඒ ගොල්ලන්ගෙ පරිපාලනමය දුර්වලතාවක් තමයි මේකෙ තියෙන්නෙ. ඒ වගේම අපි බැලුවොත් අපේ ක්‍රිකට් කණ්ඩායම මුල් කණ්ඩායම් 03 අතර තිබ්බෙ අපෙන් බාරගන්න කොට. දැන් අපි 7,8,9 තත්ත්වයට වැටිල තියෙනවා. ඉතින් මේ ගොල්ලො මේ විදියට ගියොත් එහෙම ඉදිරියේදී අපිට ක්‍රිකට්වලට තියෙන ඉල්ලුම ජාත්‍යන්තර ක්‍රීඩා තලයේදී නැති වෙනවා. එහෙම වුණොත් අපේ මේ ක්‍රිකට් ක්‍රීඩාව මීට අවුරුදු 50කට වඩා කලින් තිබුණ ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වයට පත්වෙන්න පුළුවන්.
එක පාරට සංගක්කාර, මහේල සමුගැනීමත් සමග, අපේ ක්‍රිකට් වැටුණ බවත්, නමුත් තම කණ්ඩායම ක්‍රිකට් ආයතනයේ මූල්‍ය තත්ත්වය හොඳ තැනකට ගෙනා බවත් ප්‍රතිවාදී පාර්ශ්වයෙන් කරන චෝදනාවක්.
හිටපු ක්‍රිකට් පරිපාලනයේ මූලිකම දේ තමයි ඒ ගොල්ලෝ සම්පූර්ණ බොරු කීම. 2012 මම, උපාලි ධර්මදාස, ජයන්ත ධර්මදාස යටතේ ලේකම් හැටියට ඉන්න කොට අපි අත්සන් කරපු Future Tour Plan (FTP) එකේ මුදල් තමයි තාම එන්නේ. ඒ වගේම TV broadcast එකේ අපි අත්සන් කරපු මුදල් තමයි තවම පාලක මණ්ඩලයට එන්නේ. මේ ගොල්ලො ආවට පස්සෙ කිසිම ආකාරයකින් මූල්‍යමය තත්ත්වය හොඳ කරන්න දෙයක් කරල නෑ. එකම දේ තමයි අර නිදහස් කුසලාන තරගාවලිය ක්‍රීඩා කරපු එකෙන් මේ ගොල්ලො මිලියන 900ක් විතර ගෙනාවයි කියන එක. දැන් ඒකෙ මිලියන 500ක් විතර වියදම් කරලයි කියනව tournament එකට. දැන් ඒකෙන් මිලියන 400ක් පමණයි ඉතුරුව තියෙන්නෙ.
ඊට අමතරව කිසිම මූල්‍යමය තත්ත්වය හොඳයි කියන දෙයක් එගොල්ලන්ට පෙන්නන්න පුළුවන් නම්, ඒ ගොල්ලො ගෙනාපු agreement මුදල් තියෙනව නම් මම ඒ අයට අභියෝග කරනවා පුළුවන් නම් ඒව ඉදිරිපත් කරන්න කියලා. මේ අපේ ක්‍රිකට් ක්‍රීඩාව හොඳට තියෙනකොට අපි ගිහිල්ල ICC එක එක්කත්, TV broadcast’s ලත් එක්කත් negotiate කරල ගෙනාපු මුදල් තමයි අද හොඳයි කියන්නෙ. දැන් අද මේ මූල්‍යමය තත්ත්වය හොඳ වෙන්න හේතුව තමයි ගිය අවුරුද්දෙ තිබුණ ඉන්දීය සංචාරය. ඒකෙන් අපිට ඩොලර් මිලියන 25ක් විතර හම්බ වුණා.
නමුත් මේ ඊයේ පෙරේද ගහපු 'නිදහස් කුසලාන' තරගාවලියේදී මේ ගොල්ලෝ රුපියල් මිලියන 900ක් තමයි ගෙනාවේ. ඒක මගේ දැනුමේ හැටියට ඩොලර් මිලියන 02ක විතර වටිනාකමක් තියෙන තරගාවලියක්. ඉන්දියාව තරග කිහිපයක් මෙහි පැවැත්වූවා. මේ ගොල්ලො බොරු දේවල් සමාජගත කරනවා. මේව බලල කටයුතු කරන්න හිටපු ක්‍රීඩා ඇමතිතුමාට ශක්තිය තිබ්බේ නැහැ. මම හිතන්නෙ මේ ක්‍රීඩාව වැටෙන්න එක හේතුවක් තමයි මේ මිනිස්සු එක එක්කෙනාට උදව් කර ගැනීම. පරිපාලකයෝ වුණාම තමන්ගෙ යටතේ තියෙන ආයතන සමග යාළුකම් තියාගෙන වැඩ කරන්න ගියොත් අමාරුවේ වැටෙනවා.
ඔව් මම හිතනවා දැන් ඉන්න ක්‍රීඩා ඇමතිතුමා හරි දේ ක්‍රිකට් ක්‍රීඩාවට කරයි කියලා. එහෙම නැතුව, හිටපු ක්‍රීඩා ඇමතිතුමා වගේ වැඩ කළොත් ක්‍රීඩාව ගොඩනැගීමට නම් කාටවත් පුළුවන්කමක් වෙන්නේ නෑ. මට විශ්වාසයක් තියෙනව හරි දේ කරයි කියලා.
මම ඡන්දෙන් පස්සේ පළවැනි වරට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාට කතා කළා චාමර සිල්වගේ ප්රශ්නය ගැන. මම ඔහුට කතා කරල කිව්ව චාමර සිල්ව කියන්නෙ මම දන්න තරමට සල්ලි පස්සෙ යන ක්‍රීඩකයෙක් නෙවෙයි. ඒක හින්දා කරුණාකරල මේ ගැන සාධාරණයක් ක්‍රීඩකයන්ට ඉටු කරන්න කියලා. ඊට පස්සේ එතුමා කිව්ව නෑ මටත් එහෙම කිහිප දෙනෙක් කියලා තියෙනවා. මම ඒ පිළිබඳව සොයා බලනව කියලා. ඉතින් අපි පුළුවන් තරම් අපේ මට්ටමෙන් ක්‍රීඩාව හරි මාර්ගයට ගන්න අවශ්‍ය කටයුතු කරනවා. නමුත් ක්‍රිකට් පරිපාලකයෝ ඒක කරන්නෙ නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක්. අද බලන්න තරග පාවාදීම් දිහා බලපුවහම ක්‍රීඩා තණනිල්ල උඩ ක්‍රිකට් ක්‍රීඩාව ඔට්ටුවලට වාසි වන විදිහට හදාගන්න පුළුවන්.
තේරීම්වලදී ඒක හදාගන්න පුළුවන්, කාසියේ වාසිය දිනලා පන්දුවට පහර දෙනවද, නැද්ද කියන එකෙන් ඒක හදන්න පුළුවන්. ක්‍රීඩකයෝ කීදෙනෙක් වමත් පන්දු යවන්නන්ද ක්‍රීඩා කරන්නේ කියන එක මතත් එය තීරණය කරන්න පුළුවන්. මේ ඔට්ටු දැමීම කියන එක අද ක්‍රිකට් පාලක මණ්ඩලයට සම්බන්ධ අයගේ ව්‍යාපාරවල එදිනෙදා බුකීවල රටේ මිනිසුන්ට ඔට්ටු දමන්න හදලා තියල තියෙනව. ඒ වගේම ජාත්‍යන්තර ඔට්ටු දමන්න හදල දීල තියෙනව. දැන් අපි සිම්බාබ්බෙට පරදින කොට ඩොලර් 100ක් දාපු කෙනෙකුට ඩොලර් 800ක් හම්බවෙලා.
සිම්බාබ්බෙත් එක්ක අපි පරදින්න අපේ කුසලතාව කොච්චර පහත් වෙන්න ඕනෙද? අපේ ක්‍රීඩා මට්ටම කොච්චර පහත් වෙන්න ඕනෙද? ඉතින් මේවතමයි පරිපාලකයෝ, ක්‍රීඩා අමාත්‍යවරු හිතල තීරණගත යුත්තේ. එහෙම නැතුව මොනවා වුණත් මම අතුරු කමිටු දාන්නෑ කියලා තීරණ අරන් හරියන් නෑ. මේ විදිහට ගියොත් අපිට සැකයක් ඇති වෙනවා ඒ ලැබෙන මුදල්වලින් කොටසකුත් ඒ ඇමතිවරුන්ට ඒ දවස්වල ලැබුණද කියලා මේ රටේ තියෙන, අද දකින දේවල් දැක්කහම. ඉතින් මේක ලොකු සැකයක්. අනිත් එක ක්‍රීඩා ඇමතිවරු මුදල්වලට ගිජු වුණොත්, ආසා කළොත් එහෙම ක්‍රීඩාව දියුණු වෙන්නෙ නෑ.
මට ඒ ගොල්ලො ගැන විශ්වාසයක් නැති හින්ද තමයි. අධිකරණය ගැන තියෙන විශ්වාසය උඩ එතැනට ගියේ. ඉතින් මේ පත්කරපු අය දිහා බලපුවහාම අපි දන්නවා මේ ගොල්ලන්ව පත්කරලා තියෙන්නේ හරි දේ කරන්නද, වැරදි දේ කරන්නද කියලා. ඉතින් අපිට අද වෙලා තියෙන්නේ අධිකරණයේ පිහිට පතන්න මිසක් ඒ ගොල්ලෝ පත්කරන අයගෙන් හරි දේ බලාපොරොත්තු වෙන්න බැරි තත්ත්වයක්
මගේ මතය නම් ක්‍රිකට් පරිපලානයට එන්න ක්‍රිකට් ගහල ඉන්න ඕනෙම නෑ. ක්‍රිකට් පරිපාලනයේ විවිධ කොටස් තියෙනවා. මූල්‍ය පැත්ත බලන්න තියෙනවා. නීතිමය පැත්ත බලන්න තියෙනවා. ඒ වගේම පරිපාලනය පැත්ත බලන්න තියෙනවා. ආනා පුංචිහේවා මහත්මයා සභාපති වෙලා ඉන්න කොටයි අපි 1996 ලෝක කුසලානය දිනුවේ. එයා ක්‍රිකට් ගහල තිබ්බද?
2014 මම ලේකම් වෙලා, ජයන්ත ධර්මදාස මහතා සභාපති වෙලා ඉන්න කොට ජයන්ත ධර්මදාස මහතා ක්‍රිකට් ගහල තිබ්බද? මේකට මේ ක්‍රිකට් ගහල නැති එක 100%ක්ම අවශ්‍යයි කියලා මම හිතන්නෙ නෑ. හොඳ පරිපාලකයෝ නම්, හොඳ ආයතන දුවන හොඳ දක්ෂයන් නම්, ක්‍රිකට් නොගැහුවත් මේකට සම්බන්ධ වුණයි කියල මම නම් වරදක් දකින්නේ නෑ.
අපි 2012 අත්සන් කරපු ගිවිසුම් නිසා අපි ක්‍රිකට් ක්‍රීඩාවේ උඩින් හිටියේ. දැන් අපි යට ඉන්නේ. දැන් අපි ඊළඟ bid එකට යනකොට අපේ ක්‍රිකට් ක්‍රීඩාවට කොච්චර මුදල් හම්බ වෙයිද කියල අපිට කියන්න බෑ. ජනතාව අපේ ක්‍රිකට් තරග බලන්නේ නැති තත්ත්වයකට පත්වෙලා තියෙනවා තරග පාවාදීම් එක්ක නම් අපේ ක්‍රිකට් පරිපාලනය දුවන්නේ කියලා. අපි උදාහරණයක් ගත්තොත් අපි ඔස්ට්‍රේලියාවත් එක්ක ටෙස්ට් තරග 03ක් ගන්නවා නම් ඔස්ට්‍රේලියාවෙ මිනිස්සුත් එය බලන්න ආස වෙන්න ඕනෙ.
අපේ ක්‍රිකට් කණ්ඩායම එංගලන්තෙ ගිහින් ගහන කොට එහෙ මිනිස්සු කැමති වෙන්න ඕනෙ. නැත්නම් ටෙස්ට් තරග 03ක් දෙන්නෙ නෑ. ඒ ගොල්ලන් සල්ලි හම්බ කරන්නෙ තරගය නැරඹීමට පැමිණෙන අයගෙන් හා එම තරගය රූපවාහිනියෙන් රටේ මිනිස්සු බලනව නම් තමයි. ඒ දෙකම වෙන්නෙ නැත්නම් අපිට සංචාර දෙන්නේ නැහැ. මිනිස්සු තරගය බලන එකට තමයි ඒ ගොල්ලන්ගෙ අනුග්‍රාහකයින්ගෙන් දැන්වීම් ගන්නේ. ඉතින් එතන ලොකු ප්‍රශ්නයක් අපේ තියෙනවා.
මේ ගොල්ලෝ කොච්චර වැරදි වැඩ කරනවද කිව්වොත් කිසියම් හේතුවක් උඩ මේ අයව තහනම් කළොත් තව අවුරුද්දක් මේ ගොල්ලන්ට ඉන්න නීති ගේන්න හැදුවා. ලැජ්ජ නැද්ද. කලිසමක් ඇඳන් මිනිහෙක්ට මෙහෙම කරන්න පුළුවන්ද? උසාවියෙන් කිව්වොත් එය කළ නොහැකියි කියල ඒත් ඒක අභියෝගයට ලක්වන විදිහට නීති තියෙනවා. සම්පූර්ණයෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලයක්නෙ මේ අභියෝගයට ලක් කරන්නේ
ක්‍රිකට් සහ අපේ අනිත් ඕනෑම ක්‍රීඩාවකුයි ගත්තහම ක්‍රීඩකයන් බිහි කරන්නෙ පාසල් පද්ධතියෙන්. පාසල්වලට පාලක මණ්ඩලයෙන් මුදල් දෙන්නෙත් නෑ. ඒ විතරක් නෙවෙයි ඒ ගොල්ලන්ට තිබුණ ඡන්ද අයිතියත් නැති කරල තියෙනවා. මේක ඇත්තටම අසාධාරණයක්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd