අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තුන්දින තරගාවලියේ පසුගිය සතිය (13,14,15) අවසන් වනවිට 'ඒ' කාණ්ඩයෙන් එන්.සී.සී. ක්‍රීඩා සමාජයද, 'බී' කාණ්ඩයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජයද පෙරමුණ ගැනීමට සමත්වී තිබේ.
ඊයේ (17දා) නිකුත් කළ ප්‍රසාද ලකුණු සටහන අනුව 'ඒ' කාණ්ඩයේ පෙරමුණ ගෙන තිබෙන එන්.සී.සී. කණ්ඩායම තරග පහක් ක්‍රීඩාකර එයින් තරග හතරක් ජයගෙන එක් තරගයක් ජයපැරදුමකින් තොරව අවසන් කරගෙන තිබේ. ඔවුන් ප්‍රසාද ලකුණු 79.585ක් රැස්කර තිබේ.
'බී' කාණ්ඩයෙන් පෙරමුණ ගෙන තිබෙන ශ්‍රී ලංකා වරාය අධිකාරිය තරග හතරක් ක්‍රීඩා කරමින් එම තරග හතරම ජයගෙන, ප්‍රසාද ලකුණු 66.135ක් රැස්කර ගෙන තිබේ.
මේ දක්වා ඉහළම දක්ෂතා දක්වා තිබෙන පිතිකරුවා බවට පත්ව ඇත්තේ දෙමළ සංගම් ක්‍රීඩා සමාජයේ කිත්රුවන් විතානගේය. ඔහු තරග හතරකදී ඉනිම් හතකට ක්‍රීඩාකරමින් ලකුණු 555ක් රැස්කර තිබේ. එයට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව රැස්කළ ත්‍රිත්ව ශතකයක්ද ඇතුළත් වෙයි.ඔහු පසුගිය සතියේදී ගුවන් හමුදාවට එරෙහිව කිත්රුවන් ලකුණු 351ක් රැස්කර කිරීමට සමත් විය. එය ලකුණු 300 සීමාව ඉක්මවූ පස්වැනි ශ්‍රී ලංකා පිතිකරු ලෙසත්, පළමු පෙළ තරගාවලියේදී එවැනි දක්ෂතාවක් දැක්වූ දෙවැනි පිතිකරු ලෙසත් ඉතිහාසයට එක්ව තිබේ.
කිත්රුවන්ට අමතරව එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ ජෙහාන් මුබාරක් (තරග 5, ලකුණු 535), බඳුරලිය ක්‍රීඩා සමාජයේ මිලින්ද සිරිවර්ධන (තරග 5, ලකුණු 523) ලකුණු 500 සීමාව ඉක්වමවා ඇති පිතිකරුවෝ වෙති. තරග හතරකදී ඉනිම් අටක් තුළ ලකුණු 399ට කඩුලු 35ක් දවාගෙන ඇති වරාය අධිකාරියේ මලින්ද පුෂ්පකුමාර පන්දු යැවීමෙන් දක්ෂතා දක්වා තිබෙන පන්දු යවන්නා වෙයි. හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 126ට කඩුලු 10ක් දවාගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීම වෙයි. එසේම එන්.සී.සී. කණ්ඩායමේ තරිඳු කෞෂාල්ද තරග පහකදී කඩුලු 34ක් දවාගෙන තිබේ. බඳුරලිය කණ්ඩායමට එරෙහිව ලකුණු 172ට කඩුලු 10ක් දවාගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීම වෙයි.