එංගලන්ත ප්රාන්ත ක්රිකට් තරගාවලිය සඳහා සහභාගීවීමට නැවත වරක් පෙරේදා (08දා) රාත්රියේදී එංගලන්තයට ගිය ශ්රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරට එංගලන්ත ආගමන විගමන නිලධාරියෙකු බාධා එල්ල කර තිබේ.
එම ආගමන විගමන නිලධාරියේ අගෞරව අයුරිනි හැසිරුණු බව සංගා සිය ට්විටර් ගිණුමේ මේ පිළිබඳව දීරඝ වශයෙන් කරුණු සඳහන් කරමින් පවසයි.
වසර 15කට සිට තමන් එංගලන්තයට සංචාරය කරන නමුත් මේ ආකාරයේ සිදුවීමක් සිදුවූයේ වසර ප්රථම වතාවට බවත් ඔහු කියයි.
කසේ වෙතත් අනෙකුත් ආගමන විගමන නිලධාරින් හොඳින් සැලකූ බවත් ඔහු කියයි.
වර්ණය, ආගම හෝ ප්රසිද්ධිය පිළිබඳ නොසලකමින් මගියෙකුට ආචාරශීත්වය දැක්විය යුතු බව සංගා සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් පවසයි.