මොයින් අලිගේ උපක්රමශීලී ක්රීඩා විලාශයත් පන්දු යවන්නන් හා රකින්නන් දැක්වූ ආක්රමණශීලී ක්රීඩා විලාශයත් නිසා මෙවර ලෝක කුසලාන පන්දුවාර විස්ස ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවදුරටත් ඉහළ නංවා ගැනීමට එංගලන්තයට හැකි විය.
ඒ පළමු කොටසේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 15 ක ජයක් ලබා ගනිමිනි.
දිල්ලි හි ෆෙරෝසා කොට්ලා ක්රීඩාංගණයේදී පැවති මෙම තරගයේ ලකුණු 143 ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථානය සිය පන්දුවාර 20 තුළදී කඩුළු 7 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 127 ක් පමණි.
ඇෆ්ගනිස්ථානය ජයග්රහණය කරා රැගෙන යාමට දැඩි වෙහෙසක් ගත් නජිබුල්ලා සර්දාන් පන්දු 20 කදී ලකුණු 35 ක් රැස් කල නමුත් එය ඔවුන්ගේ ජයග්රහණය වෙනුවෙන් ප්රමාණවත් නොවීය. එංගලන්තය වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ ඩේවිඩ් විලී හා ආදිල් රෂීඩ් කඩුළු 2 බැගින් බිඳ හෙලීය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය සිය නියමිත පන්දුවාර විස්ස අවසනදී කඩුළු 7 ක් දැවී ලකුණු 142 ක් රැස් කළහ.
එංගලන්ත ඉනිමේ ගැලවුම්කාරයා බවට පත් වූ මොයින් අලි පන්දු 33 කදී ලකුණු 41 ක් රැස් කිරීමට සමත් විය.
එංගලන්ත ඉනිමේ කඩුළු 7 ක් ලකුණු 85 ක් තුළදී බිඳ වැටී තිබියදී මොයින් අලි හා එක්වූ ඩේවිඩ් විලී පිටියේ එක්වූ අටවැනි කඩුල්ලට ලකුණු 57 ක නොබිඳුනු සබඳතාවක් එක් කිරීමට සමත් විය.
ඇෆ්ගනිස්ථාය වෙනුවෙන් පන්දු යැවීමෙන් මොහොමඩ් නබි හා රෂිඩ් ඛාන් කඩුළු 2 බැගින් බිඳ හෙලීය.
තරගයේ වීරයා සම්මානය හිමි වූයේ එංගලන්ත ජයග්රහණයේ නියමුවා වූ මොයින් අලි ටය.
මෙම ජයග්රහණයත් සමගින් තරගාවලිය් පළමු කොටසේ ප්රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට එංගලන්තය සමත් විය.
එංගලන්තය තරගාවලියේ පළමු වටයේ තමන් සහභාගි වන අවසන් තරගය ශ්රී ලංකාව සමගින් එළඹෙන 26 වැනිදා සහභාගි වීමට නියමිතය.