(UPDATE) තිලකරත්න ඩිල්ෂාන්ගේ ඉවසිලිවන්ත පිතිහරඹයත්, සචිත්ර සේනානායකගේ හා නුවන් කුලසේකරගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජය කර ඊයේ (25දා) චෙස්ටර්-ලී-ස්ට්රීට්හි රිවර්සයිඩ් ක්රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 157 ක දැවැන්ත ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
එම පරාජය එංගලන්ත කණ්ඩායමක් ශ්රී ලංකාව හමුවේ වැඩිම ලකුණු පරතරයකින් පරාජයවූ තරගය විය. මීට පෙර ඔවුන් 2007 වසරේදී ශ්රී ලංකාව හමුවේ දඹුල්ලේදී ලකුණු 119කින් පරාජය වී තිබිණි.මෙම ජයග්රහණයත් සමගින් ශ්රී ලංකා කණ්ඩායම තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-1 ලෙස සමකළේය.
ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 26.1 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 99ක් පමණි.
පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 256 ක් රැස්කිරීමට සමත්විය.
එංගලන්තය 99/10 (පන්දුවාර 26.1)
මයිකල් කාබරි 6 (පන්දු 8)
ඉයන් බෙල් 12 (පන්දු 17, 4x1)
ගැරී බැලන්ස් 5 (පන්දු 7, 4x1)
ඉයන් මෝගන් (නොදැවී) 40 (පන්දු 33, 4x2, 6x2)
රවී බොපාරා 7 (පන්දු 24, 4x1)
ජෝෂ් බට්ලර් 4 (පන්දු 6, 4x1)
ක්රිස් ජෝර්දාන් 1 (පන්දු 3)
ජේම්ස් ට්රෙඩ්වෙල් 4 (පන්දු 14)
ජේම්ස් ඇන්ඩර්සන් 7 (පන්දු 14, 4x1)
හැරී ගනී නොදැවී 4 (පන්දු 4, 4x1)
ශ්රී ලංකාව පන්දු යැවීම
නුවන් කුලසේකර 3/15 (පන්දුවාර 6)
ලසිත් මාලිංග 1/17 (පන්දුවාර 4)
ධම්ම්ක ප්රසාද් 1/36 (පන්දුවාර 6)
සචිත්ර සේනානායක 4/13 (පන්දුවාර 7.1)
ඇන්ජලෝ මැතිව්ස් 1/9 (පන්දුවාර 2)
-------------------------------------------------------------------------------------------------------
ශ්රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8කට ලකුණු 256ක් රැස් කිරිමට සමත්විය.
තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 88ක් රැස්කරමින් ශ්රී ලංකා ඉනිම ශක්තිමත් කළේය.
ශ්රී ලංකා කණ්ඩායම 256/8 (පන්දුවාර 50)
ළහිරු තිරිමාන්න 10 (පන්දු 37)
තිලකරත්න ඩිල්ෂාන් 88 (පන්දු 101)
කුමාර් සංගක්කාර 40 (පන්දු 67)
මහේල ජයවර්ධන 2 (පන්දු 8)
ඇන්ජලෝ මැතිව්ස් 30 (පන්දු 35)
අශාන් ප්රියන්ජන් 43 (පන්දු 33)
දිනේෂ් චන්දිමාල් 14 (පන්දු 9)
නුවන් කුලසේකර 0 (පන්දු 2)
සචිත්ර සේනානායක 2 (පන්දු 2)
ධම්මික ප්රසාද් 7 (පන්දු 6)
හැරී ගර්නි 3/59 (පන්දුවාර 10)
ජිමී ඇන්ඩර්සන් 2/38 (පන්දුවාර 10)
ක්රිස් ජෝර්ඩාන් 1/56 (පන්දුවාර 10)
ජේම්ස් ට්රැඩ්වෙල් 1/57 (පන්දුවාර 10)