සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර සිඩ්නි ක්‍රිකට් පිටියේ දැන් පැවැත්වෙන අවසන් හා පස්වැනි අළු බඳුන ටෙස්ට් තරගයේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 447 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටියි.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 276 ක් රැස් කර ගත්තේය. ක්‍රිස් රොජර්ස් ලකුණු 119 ක් රැස් කරමින් ඔස්ට්‍රේලියා ඉනිම ශක්තිහමත් කළේය. ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට ලකුණු 326 ක් රැස් කළ අතර එංගලන්ත කණ්ඩායමට එයට පිළිතුරැ වශයෙන් රැස් කර ගත හැකි වූයේ ලකුණු 155 ක් පමණි.