විවිධ මත ප්‍රකාශ වුවත් තමන්ට වැඩ කිරීමට අවංක වාතාවරණයක් නොමැති නම් ක්‍රිකට් ක්‍රීඩාවට එක් නොවන බවත්, රටේ ඉහළම ස්ථානයෙන් ආරාධනාවක් ලැබුණහොත් ඒ පිළිබඳව සලකා බලන බවත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා සඳහන් කරයි.
කොළඹදී ඊයේ (11දා) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
“විවිධ මත තිබෙනවා. විවිධ දේවල් කතා කරනවා. ඒ කතා කරන දේවල් විශ්වාස කරන්න එපා. මම ඉදිරිපත් වෙන්නේ නෑ කිසිම දේකට. අවංක වාතාවරණයක් නැතිව මට වැඩ කරන්න බෑ. හැබැයි මට රටේ ඉහළම තැනින් ආරාධනාවක් ලැබුණොත් මේ ගැන කල්පනා කරලා බලලා යම් දෙයක් කරන්නයි කියලා ඒ අවස්ථාවේදී ඒ පිළිබඳව මම කල්පනා කරනවා. මොකද මට යුතුකමක් තිබෙනවා.
ක්‍රිකට් ක්‍රීඩා කරපු පුද්ගලයෙක් හැටියට අවුරුදු විසි ගාණක් ක්‍රීඩාවේ නියැළී ඉඳලා මගේ අත්දැකීම් දන්වලා යම් යම් තීරණ ගන්න පුළුවන් නම් තමයි මම ඉදිරියට එන්නේ. දැන් වාතාවරණය වෙනස් වෙලා. අපි අවුරුදු 20කට ඉස්සෙල්ලත් මේ ගැනයි කතා කළේ. අපි එනවනම් ස්ථිර විසඳුම් දාන්න තමයි එන්න ඕන.
තාවකාලික දේවල් කරලා මම හිතන්නේ නෑ මේකෙන් වැඩක් ඇතිවෙයි කියලා. මොකද මේ ප්‍රශ්න අපිට තවත් අවුරුදු විස්සකදී කතා කරන්න වෙනවා වෙනස්වීමක් වුණේ නැතිනම්.” යැයි පැවසීය.