එක්දින තරග 3 ක තරගාවලියක් දෙසැම්බර් මස 24 වැනිදා සිට ජනවාරි මස 05 වැනිදා දක්වා ශ්රී ලංකාවේදී පැවැත්වීමට ඉන්දීය හා පාකිස්තානු විදේශ ඇමතිවරු ඊයේ (08දා) හමුවී එකඟතාව පළ කර තිබේ.
ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය පාකිස්තානයේ සමුළුවකට සහභාගි වීම සඳහා එරට සංචාරයක නියැළෙන අතරතුර ඊයේ පාකිස්තානු විදේශ කටයුතු ඇමති සර්මාජ් අසීස් මහතා ඉස්ලාමාබාද් නුවරදී හමුවූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.
කෙසේ වෙතත් මීට පෙර එක්දින තරග 5 ක් හා විස්සයි විස්ස තරග 2 ක තරගාවලියක් සඳහා දෙරටෙහිම අවධානය යොමුවී තිබුණත් පසුව අදාළ තරගාවලියට එක්දින තරග 3 ක් පමණක් ක්රීඩා කිරීමට දෙරටම එකඟතාව පළකර තිබේ.
එන්.ඩී.ටි.වී. ඇසුරෙනි