ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති විස්සයි20 තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූයේ ඉන්දීය විනිසුරන්ගේ නිවැරදි නොවන තීරණ හේතුවෙන් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
"පහුගිය තරගාවලියේ යම් පසුබෑමක් තිබුණත්. ඕනෑම වේලාවක නැගී සිටින කණ්ඩායමක් අපිට ඉන්නවා. ශක්තිමත්ව ආසියානු ශූරයන් වෙලා ලෝක කුසලානයට යා යුතුයි. අවසන් තරගය පැරදුනේ ඉන්දීය විනිසුරන්ගේ උදව්වෙන්. නමුත් මේ අවස්ථාවේදී එවැනි දෙයක් සිදු නොවේවි. ඉන්දීය තරගාවලියට වඩා හොඳ විනිසුරන් ලැබේවි" යැයි අමාත්‍යවරයා පැවැසීය.
මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසුවේ ඉන්දියාව හා පැවැති තෙවැනි විස්සයි20 තරගයේදී විනිසුරු තීරණ දෙකක් පිළිබඳව ගැටලු ඇති බවත් ඒ පිළිබඳව තරගතීරකට මෙන්ම අයි.සී.සීයට පැමිණිලි කිරීමට කටයුතු කළ බවයි.
රටවල් දෙකක් අතර තිබෙන තරගාවලියකදී ඒ රටට අභිමතය පරිදි විනිසුරන් තොරාගත හැකි නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන තරගයකදී එවැනි ආකාරයකට විනිසුරන් යෙදවීමක් සිදු නොවන බවයි.
අසියානු ක්‍රිකට් තරගාවලියට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහක වශයෙන් ඩයලොග් සමාගම කටයුතු කරන අතර ඒ සඳහා වන අනුග්‍රහය පිරිනැමීම වෙනුවෙන් මෙම මාධ්‍ය සාකච්චාව සංවිධානය කර තිබුණි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා "මාලිංගගේ නායකත්වය යටතේ ආසියානු හා ලෝක කුසලානයට සහභාගිවෙනවා. ලසිත් ඇතුළු කණ්ඩායම ආසියානු කුසලානය ජයගැනීමට සටනක් දීම අපට අවශ්‍යයි. ලෝක කුසලානයට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරයන් ලෙසයි යන්නේ. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිත් අපි නිසා ලසිත්ට ආසියානු කුසලානය නොගෙන ආවොත් එයට එකගවෙන්න අපිට බෑ" යැයි පැවැසීය. මෙම අවස්ථාව සඳහා විස්සයි20 නායක ලසිත් මාලිංග, ඩයලොග් ආයතනයේ ප්‍රධාන විධායක නිලධරී ආචාර්යය හාන්ස් විජේසූරිය, ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වා, උපසභාපති ජයන්ත ධර්මදාස ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා
ලෝහාන්ට අද අධිකරණය දුන්න තීන්දුව මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd