ඉන්දීය තරගාවලිය ලෝක කුසලානය සඳහා ක්රීඩකයන් අත්හදා බැලීම සඳහා හොඳ අවස්ථාවක් බව ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සඳහන් කරයි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඉන්දියාව අතර පැවැති තරගාවලිය අතරමග නවතාදැමීම සඳහා ශ්රී ලංකා කණ්ඩායමට ඉන්දියාව හා එක්දින තරගාවලියක් හිමිවූ අතර එම තරගාවලිය පිළිබඳව ක්රික්ඉන්ෆෝ වෙබ් අඩවියට අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් ප්රකාශ කළේය.
විශේෂයෙන්ම මෙම තරගාවලිය පන්දු යවන්නන්ට සිය දක්ෂතා දැක්වීමට හොඳ අවස්ථාවක් බවද ජයසූරිය පෙන්වා දෙයි.
එසේම දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්නෙ හා නිරෝෂාන් දික්වැල්ලට මෙම තරගාවලිය හොඳ අවස්ථාවක් බවත් හෙතෙම පවසා තිබේ.