අයිසීසී කාන්තා ශූරතාවට සමගාමීව පැවැත්වෙන ශ්රී ලංකා ඉන්දීය තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු 07 ක පරාජයක් අත්විඳීමට ශ්රී ලංකා කාන්තාවන්ට සිදුවිය. ඒ අනුව තරගාවලිය තරග 3-0 ක් ලෙස ජයගැනීමට ඉන්දීය කාන්තාවෝ සමත්වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා පිතිකාරිණියන්ට පිටියේ ස්ථාවර වීමට දීප්ති ශර්මා ඉඩ ලබානොදුන් අතර, ඇයගේ දඟපන්දුව හමුවේ මුළු ලකුණු 112 කට ඉනිම සීමා කරගැනීමට ශ්රී ලංකාවට සිදුවිය. දීප්ති ශර්මා ලකුණු 20 කට කඩුලු 06 ක් දවාගත් අතර, ශ්රී ලංකාව වෙනුවෙන් ඩිලානි මනෝදරා ලකුණු 23 ක් රැස් කරගත්තාය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඉන්දියානු ක්රීඩිකාවන් පන්දුවාර 20.3 කදී කඩුලු ත්රිත්වයක් පමණක් දැවී ජයග්රහණය ලබාගැනීමට සමත් විය. වේදා ක්රිෂ්තමූර්ති නොදැවී ලකුණු 61 ක් ලබමින් ඉන්දියානු කණ්ඩායම ජයග්රහණය කරා රැගෙන ගිය අතර, තරගයේ වීරයා ලෙස දීප්ති ශර්මා සම්මාන දිනා ගත්තාය.
ශ්රී ලංකාව 112/10 (පන්දුවාර 38.2)
ඩිලානි මනෝදරා (පන්දු 60, 4x1), ප්රසාදනී වීරක්කොඩි 19 (පන්දු 27, 4x3), දීප්ති ශර්මා 20/6 (පන්දුවාර 9.2)
ඉන්දියාව 114/3 (පන්දුවාර 29.3)
වේදා ක්රිෂ්ණාමූර්ති (නොදැවී 61 (පන්දු 90, 4x8), දීප්ති ශර්මා 28 (පන්දු 59, 4x5), සුගන්ධිකා කුමාරි 18/1 (පන්දුවාර 07)