(UPDATE) ලකුණු 111ක වාසියක් සමගින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ සංචාරක ඉන්දීය කණ්ඩායම අයහපත් කාලගුණය හේතුවෙන් තෙවැනි දිනයට අද තරගය නිමා කරනවිට කඩුලු 3 ලකුණු 21 රැස්කරගෙන සිටියි. ඒ අනුව ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 132ක් රැස්කරගෙන සිටියේය. හෙට තරගයේ සිවුවැනි දිනයයි.
ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 312ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 201ක් පමණි. ඒ අනුව ඉන්දීය කණ්ඩායම ලකුණු 111වාසියක් සමගින් සිය ඉනිම ආරම්භ කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු හයක් ලකුණු 48ට බිදී තිබියදී පිටියට පිවිසි කුසල් පෙරේරා හා රංගන හේරත් හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 79ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම වැටෙන්නට ගිය අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් මුදවා ගනු ලැබීය.
සිය පළමු ටෙස්ට් ඉනිමේදීම අර්ධ ශතකයක් රැස් කිරීමට කුසල් පෙරේරා සමත්විය. පන්දුවෙන් සිය වගකීම් මැනවින් ඉටුකරන රංගන හේරත් මෙම තරගයේදී පිත්තෙන්ද කණ්ඩායම වෙත සිය වගකීම් ඉටුකළේය. ඔහි සිය දෙවැනි අර්ධ ශතකය ආසන්නයේදී දැවි ගියේය.
ඉන්දීය කණ්ඩායමේ ඉෂාන්ත් ශර්මා ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5 බිඳ දමනු ලැබීය.
ඡායාරූප ශාන්ත රත්නායක
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 312කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
ශ්‍රී ලංකා ඉනිම කෞෂාල් සිල්වා හා උපුල් තරංග විසින් ආරම්භ කරනු ලැබීය.
ඊයේ දිනයේදී තරගය නිමා කරන විට කඩුලු 8 ට ලකුණු 292ක් රැස්කරගෙන සිටියේය.