ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පාකිස්තානයේ සත්කාරකත්වයේ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම මේ වසරේදීත් එක්වන බවක් පෙනෙන්නට නැත.
ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගාවලිය මේ වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණද ඒ සඳහා මේ දක්වාම අවබෝධතා ගිවිසුම් අත්සන්කොට නොමැත.
ඒ හේතුවන් ඉන්දියාව වෙනුවට ශ්‍රී ලංකාව හෝ බංග්ලාදේශය සමග ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම කෙරෙහි පාකිස්තානයේ අවධානය යොමුව තිබේ.
පාකිස්තානු මාධ්‍ය වාර්තා කරන්නේ ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.
මෙම තරගාවලිය බොහෝ දුරට පාකිස්තානයේ පැවැත්වීමට අවධානය යොමුකර ඇත්තේ නිමාවූ පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ අවසන් තරගද පාකිස්තානයේදී ගැටලුවකින් තොරව පැවැත්වූ හෙයිනි.
පාකිස්තානය සමග ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම ඉන්දියාව විසින් දිගින් දිගටම කල් දැමීම හේතුවෙන් පාකිස්තානයට ඩොලර් මිලයන 200ක පමණ අලාභයක් සිදුව ඇති බවත්, ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් පාකිස්තාන ක්‍රිකට් සභාපති නජාම් සේති පවසයි.