යොවුන් ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රි ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු හයක පහසු ජයක් ලැබීය.
මොරටුවේ අද (18දා) පැවැති තරගයේදී ශ්රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 207ක ඉලක්කය පන්දුවාර 39.5කදී කඩුලු හතරක් පමණක් වැය කර පසුකර යාමට ඉන්දීය යොවුන් ක්රීඩකයෝ සමත්වූහ.
ශ්රි ලංකාව වෙනුවෙන් ජෙහාන් ඩැනියෙල් ලකුණු 67ක් රැස්කිරිමට සමත්වූයේය. තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායම ලැබූ පළමු පරාජය මෙය වෙයි.