විස්සයි20 තරග බිමේ ඉන්දියාව හමුවේ ඔස්ට්‍රේලියාව ලැබූ දරුණුම පරාජය අත්විඳීමට අද (31දා) සිදුවිය.
ඉන්දීය කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය අවසන් කරමින් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පැවති තෙවැනි හා අවසන් විස්සයි20 තරගෙයන් කඩුලු 07 ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්වූ අතර, ඒ අනුව තරග 3 – 0 ක් ලෙස විස්සයි20 තරගාවලිය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවිය.
ඉන්දීය කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේදී විස්සයි20 තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව මෙය වන අතර, මීට පෙර දෙවතාවක් ඔස්ට්‍රේලියාවේ තරග සංචාරක නිරතවී ඇති ඉන්දියාව එක් තරගයක් (එක් තරගයක් පමණි) පරාජය වී ඇති අතර, එක් තරගාවලියක් (1-1) ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත. දෙරට අතර තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියක් පැවති පළමු අවස්ථාව මෙය වේ.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 197 ක් රැස්කිරීමට සමත්විය. ශතක ඉනිමක් ගොඩනැගූ ශේන් වොට්සන් පන්දු 71කදී නොදැවී ලකුණු 124 ක් රැස්කළ අතර, එය විස්සයි20 තරග බිමේ පිතිකරුවෙකු ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව විය. ඔස්ට්‍රේලියාවේම ආරොන් ෆින්ච් (156/එංගලන්තයට එරෙහිව) මෙහි පෙරමුණේ පසුවෙයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම තරගයේ අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය.
අවසන් පන්දුවාරයේදී ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 17 ක් අවශ්‍යව තිබුණි. එහි පළමු පන්දු තුනට මුහුණදුන් යුවරාජ් සිං 6,4,1 ලෙස ලකුණු 11 ක් දායක කළ අතර, ඉතිරි පන්දු තුනට මුහුණදුන් සුරේෂ් රෙයිනා 2,2,4 ලෙස ලබාගනිමින් ලකුණු 200 ක් රැස්කරජයග්රහණය සම්පූර්ණ කරගත්හ.
ඉන්දීය ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් රෝහිත් ශර්මා (52) හා අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි විරාට් කෝලි (50) හා ජයග්‍රහණය පහසු කළ අතර, සුරේෂ් රෙයිනා (නොදැවී 49) හා යුවරාජ් සිං (නොදැවී 15) ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
තරගයේ වීරයා ලෙස ශේන් වොට්සන් සම්මාන දිනාගත් අතර, තරගාවලිය පුරා නොකඩවා අර්ධ ශතක තුනක් (නොදැවී 90, නොදැවී 59, 50) ලබාගනිමින් ලකුණු 199 ක් රැස්කළ විරාට් කෝලි තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව