සත්කාරක එංගලන්තය කාණ්ඩයම් පරදා දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 95 ක ජයක් ලබාගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද (21දා) සමත්විය.
ලෝඩ්ස්හිදී පැවැති තරගයේ ලකුණු 319 ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය එංගලන්තයට පන්දුවාර 88.2 ක් තුළ සියලු දෙනා දැවී රැස්කීරීමට හැකිවූයේ ලකුණු 223 ක් පමණි.
එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් පමණක් ලකුණු 66 ක් රැස් කිරීමට සමත්විය. ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඉෂාන්ත් ශර්මා කඩුලු 7 ක් දවාගැනීමට සමත් විය.
එංගලන්ත ඇරයුමින් තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට සියල්ලන් දැවී ලකුණු 295 ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 319 ක් රැස්කරනු ලැබීය.
ඉන්දිය දෙවැනි ඉනිම ලකුණු 342 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. තරගයේ වීරයා ලෙස ඉෂාන්ත් ෂර්මා සම්මාන ලැබීය.
මෙම ජයග්රහණයත් සමගින් තරග 5 කින් යුත් තරගාවලිය තරග 1-0 ක් ලෙස ඉන්දියාව ඉදිරියෙන් සිටියි.