ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටින ඉන්දීය කණ්ඩායම පළමු දිනට අද (20දා) තරගය නතරකරන විට පන්දුවාර 87.2 අවසානයේ ලකුණු 319/6 රැස්කරගෙන සිටියේය.
මුරලි විජේ සමගින් ලෝකේෂ් රාහුල් ඉන්දීය ඉනිම ආරම්භ කළේය. ආබාධයකට ලක්වූ ශිකර් දවාන් වෙනුවට කණ්ඩායමට කැඳවූ විජේ ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරීමට දිනයේ පළමු පන්දුවාරය යොමු කළ ධම්මික ප්‍රසාද් සමත්විය. ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඔහු ලකුණු නොලබා දැවී ගිය සිවුවැනි අවස්ථාව මෙය වේ.
විජේගෙන් පසු අංක තුන පිතිකරු ලෙස පැමිණි අජින්ක්‍යො රාහානේද තරගයේ සිවුවැනි පන්දුවාරයේදී දවා ගැනීමට ධම්මික ප්‍රසාද් සමත්විය.
නමුත් තෙවැනි කඩුල්ල ලෙස පිටියට පිවිසි නායක විරාට් කෝලි, රාහුල් සමගින් එක්ව ලකුණු 164ක් සබඳතාවක් ගොඩ නගා ඉන්දීය ඉනිම ශක්තිමත් කළේය. ලකුණු 78 ක් රැස්කරගෙන සිටි කෝලි හේරත්ගේ පන්දුවක් හමුවේ මැතිව්ස් වෙත උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්විය. එවිට ඉන්දීය ඉනිම කඩුලු තුනකට ලකුණු 176 ලෙස සටහන් විය. කෝලි ඊයේ රැස්කළේ සිය 11 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.
ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස ලකුණු 108 ක් රැස්කරගෙන සිටි ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් මුලු ලකුණු සංඛ්‍යාව 231දී දැවී ගියේය. දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ කඩුලු රකින දිනේෂ් චන්දිමාල් වෙත උඩපන්දුවක් ලබාදී ඔහු දැවී පිටියෙන් ඉවත්විය. තවමත් ටෙස්ට් තරග හතරකට පමණක් ක්‍රීඩාකර ඇති 23 හැවිරිදි රාහුල් රැස්කළ දෙවැනි ටෙස්ට් ශතකය මෙය වේ. ඔහු දැවී යන විට රෝහිත් ශර්මා සමගින් සිවුවැනි කඩුල්ලට ලකුණු 55 ක සබඳතාවක් ගොඩනගා තිබුණි.
කෙසේ වෙතත් දිනය නිමා වනවිට රෝහිත් ශර්මා ඉන්දීය ඉනිම ලකුණු 319ක් දක්වා ගෙන ඒමට සමත්වූයේ ස්ටුවර්ට් බිනී හා රිද්දිමාන් සහා හා එක්ව කෙටි සබඳතා ගොඩනගමිනි. දිනය අවසන් වන විට ලකුණු 79 ක් රැස්කරගෙන සිටි රෝහිත් ශර්මා කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.
මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවූ අතර, ඒ පළමු තරගයට ක්‍රීඩාකළ නුවන් ප්‍රදීප් වෙනුවට දුෂ්මන්ත චමීර කැඳවා තිබීමයි. ඊට අමතරව ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකුට ස්ථාන අහිමිවී තිබුණි. ශිකර් දවාන් (ආබාධ), හර්බජාං සිං හා වරුන් අරොන් මෙලෙස සිය ස්ථාන අහිමිවූවන් වන අතර, ඒ වෙනුවට ස්ටුවර්ට් බිනී, උමේෂ් යාදව් හා මුරලි විජේ කැඳවා තිබුණි.
ඉන්දියාව පළමු ඉනිම 319/6 (පන්දුවාර 87.2 )
මුරලි විජේ 0 (පන්දු 4), ලෝකේෂ් රාහුල් 108 (පන්දු 190, 4x13, 6x1), අජින්ක්‍යො රහානේ 04 (පන්දු 11, 4x1), විරාට් කෝලි 78 (පන්දු107, 4x8, 6x1), රෝහිත් ශර්මා 79 (පන්දු132, 4x5, 6x3), ස්ටුවර්ට් බිනී 10 (පන්දු40) , රිද්දිමන් සහා 19* (පන්දු 43, 4x3 )
ශ්‍රී ලංකාව පන්දු යැවීම
ධම්මික ප්‍රසාද් 72/2(පන්දුවාර 20), ඇන්ජලෝ මැතිව්ස් 17/1 (පන්දුවාර 10.2), දුෂ්මන්ත චමීර 59/1 (පන්දුවාර 13), රංගන හේරත් 73/2(පන්දුවාර 23 )
පළමු දින තේ පානය සඳහා තරගය නතර කරන විට ඉන්දීය කණ්ඩායම පන්දුවාර 53ක් අවසානයේ ලකුණු 206/3 ක් රැස්කරගෙන සිටියි. සිය දෙවැනි ටෙස්ට් ශතකය පෙනෙන මානයේ සිටින 23 හැවිරිදි ලෝකේෂ් රාහුල් මේ වනවිට ලකුණු 98 ක් රැස්කරගෙන සිටියි.
මේ වනවිට රෝහිත් ශර්මා (17) සමගින් සිව්වැනි කඩුල්ලට රාහුල් ලකුණු 30 ක සබඳතාවක් ගොඩනගා සිටියි.
කෝලිගේ ඉනිම හේරත් අවසන් කරයි
ඉන්දීය ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස නායක විරාත් කෝලි දවාගැනීමට රංගන හේරත් දැන් සමත්විය. ලකුණු 78 ක් රැස්කරගෙන සිටි කෝලි, ඇන්ජලෝ මැතිව්ස් වෙත උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්ව ගියේය.
කෙසේ නමුත් ඔහු දැවී යනවිට ඉන්දීය ඉනිම ශක්තිමත් පදනමක් ලබාදෙමින් තෙවැනි කඩුල්ලට ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් සමගින් ලකුණු 164ක සබඳතාවක් ගොඩනගා සිටියේය.
මේ වනවිට ඉන්දීය කණ්ඩායම පන්දුවාර 45 ක් අවසානයේ ලකුණු 180/3 ක් රැස්කරගෙන සිටියි. නොදැවී කඩුල්ලේ රැදී සිටින රාහුල් ලකුණු 87 ක් හා රෝහිත් ශර්මා ලකුණු 03ක් රැස්කරගෙන සිටියි.
කෝලි - රාහුල් ඉනිම ගොඩනගයි
තරගයේ දිවා ආහාරය සඳහා මේ වනවිට තරගය නතරකර ඇති විට ඉන්දීය කණ්ඩායම පන්දුවාර 26 ක් අවසානයේ කඩුලු 02 ක් බිඳවැටී ලකුණු 97ක් රැස්කරගෙන සිටියි.
මුලු ලකුණු 12 ක් වනවිට කඩුලු 02ක් බිඳවැටී ඉතා අසරණ තත්ත්වයට ඇඳවැටෙන්න ගිය ඉන්දීය ඉනිම ශක්තිමත් ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යමින් සිටින විරාට් කෝලි හා ලෝකේෂ් රාහුල් මේ වනවිට ලකුණු 85ක සබඳතාවක් ගොඩනගා සිටියි.
කෝලි මේ වනවිට ලකුණු 48 ක් රැස්කරගෙන සිටින අතර, රාහුල් ලකුණු 39 ක් රැස්කරගෙන සිටියි.
විජේගේ ඉනිම ප්‍රසාද් අවසන් කරයි
ඉන්දීය ඉනිමේ දෙවැනි කඩුල්ලද තමන් සතුකරගැනීමට ධම්මක ප්‍රසාද් දැන් සමත්විය. තරගයේ 4.3 වැනි පන්දුවාරය යොමුකළ ප්‍රසාද් ලකුණු 04 ක් රැස්කරගෙන සිටි අජින්කේ රහානේ දවාගැනීමට සමත්විය. ස්ලිප්හි පන්දු රකින දිමුත් කරුණාරත්න වෙත උඩපන්දුවක් ලබාදී රහානේ දැවී ගියේය.
පන්දුවාර 05ක් අවසානයේ ඉන්දීය කණ්ඩායම මේ වනවට ලකුණු 12/2 ක් රැස්කරගෙන සිටින අතර, ලෝකේෂ් රාහුල් (4) සමගින් ඉන්දීය නායක විරාත් කෝලි පන්දුවට පහරදෙමින් සිටියි.
රහානේගේ ඉනිමත් ප්‍රසාද් අවසන් කරයි
ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස මුරලි විජේ තරගයේ පළමු පන්දුවාරයේ සිව්වැනි පන්දුවෙන්ම දවාගැනීමට ධම්මික ප්‍රසාද් දැන් සමත්විය. කඩුල්ල මුවාකිරීමේ වරටද හසුව ඔහු දැවීයන විට කිසිඳු ලකුණක් රැස්කරගෙන නොසිටියේය.
මේ වනවිට ලෝකේෂ් රාහුල් සමගින් අජින්ක්‍යා රහානේ පන්දුවට පහරදෙමින් සිටියි.
ඉන්දියාව පළමුව පන්දුවට පහරදෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද (20දා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක විරාට් කෝලි පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ක්‍රිකට් පිටියෙන් සමුගැනීම තහවුරු කර ඇති කුමාර් සංගක්කාර ක්‍රීඩා කරන අවසන් ජාත්‍යන්තර තරගය මෙය වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුව ඇති අතර, ඒ පසුගිය තරගයට ක්‍රීඩාකර ආබාධයකට ලක්ව සිටින නුවන් ප්‍රදීප් වෙනුවට දුෂ්මන්ත චමීර කැඳවා තිබීමයි. ඊට අමතර ඉන්දීය කණ්ඩායමමේද වෙනස්කම් තුනක් සිදුව ඇත. ඒ අනුව මුරලි විජේ, ස්ටුවට් බිනී හා උමේෂ් යාදව් කැඳවා ඇති අතර, ඒ වෙනුවට ශිකර් දවාන් (ආබාධ), හර්බජාන් සිං හා වරුන් අරෝන්ට සිය ස්ථාන අහිමිවී ඇත.
ඡායාරූප ශාන්ත රත්නායක