ශ්රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමේ නායක මුෂ්ෆිකාර් රහීම්ට කඩුලු රැකීමේ වගකීමෙන් ඉවත්ව විශේෂඥ පිතිකරුවෙකු ලෙස කටයුතු කරන ලෙස කණ්ඩායම් කළමනාකාරිත්ව උපදෙස් දී තිබේ. ඒ අනුව ටෙස්ට් තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස ලිටන් ඩාස් කටයුතු කිරීමට නියමිතය.
බංග්ලාදේශ කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර ඉන්දියාවේ පැවැති ටෙස්ට් තරගවලියේදී මුෂ්ෆිකාර් රහීම්ගේ කඩුලු රැකීම දුර්වල තත්ත්වයක පැවැති අතර ඉන්දීය ක්රීඩකයන් ලබාදුන් පහසු අවස්ථා කිහිපකදීම එම පිතිකරුවන් දවා ගැනීමට මුෂ්ෆිකාර්ට නොහැකි විය.
කෙසේ වෙතත් බංග්ලාදේශ ක්රිකට් කළමනාකාරිත්වය විසින් ගත් මෙම තීරණයට මුෂ්ෆිකාර් එකඟ වී ඇත. එසේම ශ්රී ලංකාවේ කුමාර් සංගක්කාර ටෙස්ට් තරගවලදී කඩුලු රැකීමෙන් ඉවත්විමෙන් පසුව සිය පිතිකරණ හැකියාව වර්ධනය කර ගත් ආකාරය උදාහරණයක් ලෙස මුෂ්ෆිකාර්ට පෙන්වූ බවද බංග්ලාදේශ කළමණාකාරිත්වය සඳහන් කරයි.