සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර ඊයේ (14දා) පැවති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 22ක ජයක් ලැබීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තරගය 1-1 ක් ලෙස සමකිරීමට ඉන්දීය කණ්ඩායමට හැකිවිය.
ඉන්දෝරේහිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 247 ක් රැස්කිරීමට සමත්විය. සමස්ත ඉනිම නඩත්තුකිරීමේ වගකීම භාරගත් නායක මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 92 ක් රැස්කිරිමට සමත්වූ අතර, හයේ පහර 04ක් හා හතරේ පහර 07කින් අලංකාර වූ ඔහුගේ ඉනිමට වැය වූයේ පන්දු 86ක් පමණි. ඩේල් ස්ටේන් ලකුණු 49කට කඩුලු 03ක් දවාලමින් දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට පන්දුවාර 43.5 අවසානයේදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 225 ක් පමණි. භුව්නේෂ්වර් කුමාර් හා අක්සාර් පටෙල් කඩුලු 03 බැගින් බිඳහෙලමින් ජයග්‍රාහී මාවත ඉන්දීය කණ්ඩායම වෙත එළිපෙහෙලි කර දුන් අතර, සෙසු පන්දු යවන්නෝද සිය දායක්වය ඒ සඳහා ලබාදුන්හ. දකුණු අප්‍රිකානු ඉනිමට වැඩිම දායකත්තයක් ලබාදුන් ඩු ප්ලෙසිස් ලකුණු 51 ක් රැස්කිරීමට සමත්විය.
කෙසේ නමුත් මතභේදාත්මක විනිසුරු තීරණයක් හමුවේ ෆර්හාන් බෙහර්දීන් දැවී නොයන්න තරගයේ ප්‍රතිඵලය සම්පූර්ණයෙන් වෙනස්වන්න ඉඩ තිබුණි. දකුණු අප්‍රිකානු ඉනිම ජයග්‍රාහී කඩයම කරා රැගෙන යාමට අවශ්‍ය පරිදි පන්දු ඉතිරිව තිබූ මොහොතේ, එම ඉලක්කය කරා දකුණු අප්‍රිකානු ඉනිම ලගාකරමින් සිටි බෙහර්දීන් ලකුණු 13ක් රැස්කරගෙන සිටියදී කඩුලු රකින් එම්.එස්. දෝනි වෙත උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත් ගියේය. එය පිත්තේ වැදීගිය පන්දුවක් ලෙස විනිසුරු තීරණය කළද, රූප රාමු නැවත නිරීක්ෂණයේදී එය පිත්තේ නොවදින බව පැහැදිලිව සනාථ විය. කෙසේ නමුත් ඉන්දීය විනිසුරුවරයෙකු වූ විනීට් කුල්කාර්නිගේ එම තීරණය පිළිබඳ සෑහීමට පත්නොවූ බෙහර්දීන් මදක් පිටියේදී රැදී සිට නික්ම ගියේය.
තම 60 වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය රැස්කරමින් ඉන්දීය ජයග්‍රහණයට වැඩිම දායකත්වයක් ලබාදුන් කොටස්කරුවා වූ මහේන්ද්‍ර සිං දෝනි තරගයේ වීරයා සම්මානය දින