සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින ඉන්දීය කණ්ඩායම දෙවැනි දිනයට තරගය ඊයේ නිමා කරන විට කඩුලු 8 ට ලකුණු 292ක් රැස්කරගෙන සිටියේය.
සිය හත්වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ජෙටෙස්වාර් පුජාරා ඉන්දීය ඉනිම ඔසවා තැබීය. ඔහු අමිත් මිශ්රා සමග අටවැනි කඩුල්ල සඳහා ලකුණු 104ක වාර්තා ගත සබඳතාවක් ගොඩනැගීය.
ඉන්දීය කණ්ඩායමක් විසින් අට වැනි කඩුල්ල සඳහා ශ්‍රී ලංකාවේදී පැවැත්වූ ඉහළම සබඳතාවය එය විය. එසේම එස්.එස්.සී. පිටියේදී අටවැනි කඩුල්ල සඳහා වාර්තා වූ ඉහළම සබඳතාවත් එය විය.
ඊයේ දිනයේදීත් තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. අද තරගයේ තෙවැනි දිනයයි.
ඡායාරූප ශාන්ත රත්නායක