සංජීව ධර්මසේන / බංග්ලාදේශයේ ශේර් බංග්ලා ක්‍රීඩාංගණයේ සිට
එක්සත් අරාබි එමීර් (යු.ඒ.ඊ.) කණ්ඩායම කඩුලු 10කින් පරාජය කර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට අපරාජිතව පිවිසීමට ඉන්දීය කණ්ඩායම අද (03දා) සමත්විය.
යු.ඒ.ඊ. කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 82 ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම තරග 10.1 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය පසුකර යාමට සමත්විය. සත්කාරක බංග්ලාදේශය, පාකිස්තානය මෙන්ම ශ්‍රී ලංකාව පරාජය කර අවසන් තරගයට සුදුසකම් ලබාසිටි ඉන්දීය කණ්ඩායමට මෙම තරගය නිදහස් තරගයක් විය.
රෝහිත් ශර්මා සමගින් ශිකර් දවාන් ඉන්දීය ඉනිම ආරම්භ කළ අතර, ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ශර්මා ලකුණු 39 ක් රැසකළේය. මුලු ලකුණු 43 දී ශර්මා දැවීයාමත් සමඟ පිටියට පිවිසි යුවරාජ් සිං දෙවැනි කඩුල්ලට ලකුණු 39ක සබඳතාවක් ගොඩනගා ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් (යු.ඒ.ඊ.) කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 81 ක් පමණි. යු.ඒ.ඊ. ඉනිමට වටිනාකමක් එක්කළ එකම පිතිකරුවා වූ ශායිමන් අන්වර් ලකුණු 43 රැස්කිරීමට සමත්විය. ඉන්දියාව වෙනුවෙන් භුනේෂ්වර් කුමාර් කඩුලු 02 ක් දවාලූ අතර, පන්දුවාර 04 තුලදී ඔහු වැයකළේ ලකුණු 08 ක් පමණි.
තරගයේ වීරයා ලෙස රෝහිත් ශර්මා ශර්මා සම්මාන දිනා ගත්තේය. ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය එළබෙන ඉරිදා (06දා) ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වේ.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව