19 පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය හෙට (09 දා) ඩකාහිදී ශෙරේ බංග්ලා පිටියේදී පැවැත්වීමට නියමිත අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 9.00ට ආරම්භවීමට නියමිතය.මෙම තරගය ජාතික රූපවාහිනි සංස්ථාවේ චැනල් අයි සේවය හරහා සජීවිව විකාශය කිරිමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ ඉල්ලීම මත ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාවති රවී ජයවර්ධන මහතා ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබේ. හෙට (09දා) පෙරවරු 8.15 සිට තරගයේ විස්තර සජීවිව චැනල් අයි නාලිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිතය.