ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවෙහි නව නැග්මක් ඇති කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් දැක්වුවේ ජාතික පැරාලිම්පික් කමිටුවට ඩයලොග් ආසියාටා පෞද්ගලික සමාගම විසින් අනුග්‍රහය දැක්වීම පිළිබඳ දැනුවත් කිරීම පිණිස අද (07දා) පැවැත්වූ මාධ්‍ය හමුවක් අතරතුරදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ, මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද තමන්ට විශේෂ අවසරයක් ලබාදුන් බවයි. එමෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ක්‍රීඩකයන්ට හා පුහුණුකරුවන්ට සිදුවන අසාධාරණකම් හා ක්‍රීඩා අභ්‍යන්තයේ ඇතිවී තිබෙන ගැටලු විසඳිය හැක්කේ ස්ථාවර නීති රාමුවක් හා වැඩපිළිවෙළක් තිබීමෙන් පමණක් බවයි.