නවසීලන්තයේ ඩුනේඩීන්හි යුනිවර්සිටි ඕවල් ක්‍රීඩාංගණයේදී අද (26දා) පැවැති තරගාවලියේ 17 වැනි තරගයෙන් ස්කොට්ලන්ත කණ්ඩායම පරාජය කර එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.
ස්කොට්ලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 211ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්තාන පිතිකරුවෝ තරගයේ 49.3 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය පසුකර යාමට සමත්වූහ.
ඔවුන් ලැබූ මෙම ජයග්‍රහණයේ සුවිශේෂිතාව වන්නේ එම ඉනිමේ පළමු කඩුලු 07 මුලු ලකුණු 97දී දවාගැනීමට ස්කොට්ලන්ත පන්දු යවන්නන් සමත්ව සිටි අතර, අටවැනි කඩුල්ල මුලු ලකුණු 132දීද, නවවැනි කඩුල්ල 192දීද බිඳවැටී තිබියදී මෙම ජයග්‍රහණය අත්කර ගැනීමය. තරගයේ වීරයා ලෙස සමියුල්ලා ශෙන්වාරි සම්මාන හිමිකරගත්තේය. ඇෆ්ගනිස්තාන ජයග්රහණයයේ නියමුවා වූ ශෙන්වාරි අංක හතර පිතිකරුවා ලෙස පැමිණ නවවැනි කඩුල්ල ලෙස දැවීයන විට ලකුණු 96 ක් රැස්කරගෙන සිටියේය.
ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත පිතිකරුවෝ පන්දුවාර 50 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 210 ක් රැස්කිරීමට සමත්විය.
ස්කොට්ලන්තය 210/10 (පන්දුවාර 50)
මජීඩ් හක් 31 (පන්දු 51, 4x3)
මැට් මචන් 31 (පන්දු 28, 4x4)
රිචී බෙරින්ග්ටන් 25 (පන්දු 46, 4x2)
කේල් කොට්සර් 25 (පන්දු 41, 4x5)
ශාපූර් සද්රන් 4/38 (පන්දුවාර 10)
දල්වාට් සද්රන් 3/29 (පන්දුවාර 10)
ඇෆ්ගනිස්තානය 211/9 (පන්දුවාර 49.3)
ශමියුල්ලාහ් ශෙන්වාරි 96 (පන්දු 147, 4x7, 6x5)
ජාවෙඩ් අහමදි 51 (පන්දු 51, 4x8)
හමිඩ් හසන් නොදැවී 15 (පන්දු 39, 4x1)
ශාපූර් සද්රන් නොදැවී 12 (පන්දු 10, 4x2)
රිචී බෙරින්ග්ටන් 4/40 (පන්දුවාර 10)
ජෝෂ් ඩේව් 2/34 (පන්දුවාර 10)
අලස්ඩෙයා එවන්ස් 2/30 (පන්දුවාර 10)