සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කර බුලවායෝහිදී ඊයේ (24දා) පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් ලකුණු 73 ක පහසු ජයක් ලැබීමට සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණයත් සමග තරග පහකින් යුත් එක්දින තරගාවලිය තරග 3 – 2 ක් ලෙස ජයගැනීමට ඔවුන්ට හැකිවිය.
ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලැබූ මෙම ජයග්‍රහණය ටෙස්ට් ක්‍රීඩා කරන රටකට එරෙහිව ඔවුන් ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණය මෙන්ම, ද්විපාර්ශ්වීය එක්දින තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව වේ.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 245 ක් රැස්කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සිම්බාබ්වේ පිතිකරුවන්ට පන්දුවාර 44.1 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 172 ක් පමණි.
තරගයේ වීරයා ලෙස ඩල්වාට් සද්රන් (ඇෆ්ගනිස්තානය) හා ශෙන් විලියම්ස් (සිම්බාබ්වේ) සම සම්මාන දිනාගත් අතර, තරගාවලියේ වීරයා ලෙස මොහොමඩ් නාබි සම්මාන දිනාගත්තේය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව