(UPDATE) ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු හයකින් පරාජය කරමින් තමා සහභාගි වූ පළමු තරගයෙන් කඩුලු හයක ජයක් ලැබීමට වත්මන් විස්සයි20 ලෝක ශූර ශ්රී ලංකා කණ්ඩායම අද (17දා) සමත්වූයේය. ඇෆ්ගනිස්තානයෙන් එල්ල වූ ලකුණු 154ක ඉලක්කය පන්දුවාර 18.5කදී පසුකර යාමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි තිලකරත්න ඩිල්ශාන් නොදැවී ලකුණු 83ක් රැස්කරමින් ශ්රී ලංක කණ්ඩායම ජයග්රහණය කරා මෙහයවූයේය.
ශ්රී ලංකා කණ්ඩායම හා පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 7ට ලකුණු 153ක් රැස්කරමින් ශ්රී ලංකා කණ්ඩායමට අභියෝගාත්මක ලකුණු 154ක ඉලක්කයක් ලබාදුන්නේය.
පළමු පන්දුවාර 10ට ඇෆ්ගනිස්තාන කණ්ඩායමට කඩුලු තුනකට රැස්කළ හැකිවූයේ ලකුණු 47කි. නමුත් අවසන් පන්දුවාර 10දී ශ්රී ලංකා පිතිකරුවන් විනාශයට පත්කළ නායක අස්ගර් ස්ටැනික්සායි ප්රමුණ නවසීලන්ත ක්රීඩකයෝ ලකුණු 106ක් රැස්කිරීමට සමත්වූහ.
ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායක අස්ගස් ස්ටැනික්සායි මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.