ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීමට අදාළව කරුණු විමසමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගෙන් කරුණු විමසා ලිපියක් යොමුකරන බවට සඳහන් කළත් ඊයේ (23දා) වන තෙක්ම එවැනි ලිපියක් නොලැබුණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සාමාජික නුෂ්කි මොහොමඩ් මහතා පැවසීය.
එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා විසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් මහතාට යොමුකළ ලිපියටත් තවම අයි.සී.සී.යෙන් පිළිතුරක් නොලැබුණ බවත් හෙතෙම පැවැසීය.
“ඇමතිතුමාට ලිපියක් එවනවා කියලා තියෙනවා. ඒක ලැබෙනකම් අපි ඉන්නවා. එතකොට ඇමතිතුමා ඒකට (අයි.සී.සී. ලිපියට) හොඳ පිළිතුරක් දේවි. මොනවා වුණත් සාකච්ඡාවෙන් තමයි විසඳුමක් වෙන්න ඕන. ඇමතිතුමාගේ ලියුමට පස්සේ අපි බලමු මොකද වෙන්නෙ කියලා. අපේ ලියුමටත් තාම ප්‍රතිචාරයක් ලැබුෙණ් නෑ.” යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.