ආසියානු රග්බි ශූරතාවලියේ පළමු කාණ්ඩයේ පළමු කඩඉම සාර්ථක ලෙසින් අවසන් කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ තරගාවලියේ තමන් මුහුණදුන් පළමු තරගයෙන් සිංගප්පූරුව පරදා ලකුණු 33-17 ක ජයක් ලබමිනි.
මැලේසියාවේ ක්වාලාලාම්පූර්හි රෝයල් ස්ලෙන්ගර්හීදීඊයේ (08දා) පැවැති තරගයේ පළමුවෙන්ම ලකුණු රැස් කිරීම ආරම්භ කළේද ශ්රී ලංකා කණ්ඩායමයි
කෙසේ වෙතත් තරගයේ 20 වැනි මිනිත්තුව වනවිට ලකුණු 10-08 ක් ලෙසින් ඉදිරියෙන් සිටීයේ සිංගප්පූරු කණ්ඩායමයි. නමුත් තරගයේ 25 වැනි විනාඩියේදී සිය පළමු ගෝල දිනුම වාර්තා කරමින් නැවතත් තරගය තමන් දෙසට හරවා ගැනීමට ශ්රී ලංකාව සමත්වුණා.
තරගාවලියේ ශ්රී ලංකාව සහභාගි වන මීළඟ තරගය අනිද්දා (11) පැවැත්වේ.