ආසියානු කුසලාන කාන්තා ක්රිකට් තරගාවලියේදී සිය අපරාජිත බව තවදුරටත් තහවුරු කරගනිමින් 06 වැනි කුසලානයත් තමන් සන්තක කරගැනීමට අද (04දා) ඉන්දියාව සමත් විය.
අවසන් මහා තරගය ඉන්දියාව හා පාකිස්තානය අතර තායිලන්තයේ බැංකොක් නුවර ආසියානු තාක්ෂණික ආයතනය ක්රීඩාංගණයේදී (AIT) පැවැති අතර, එහිදී ලකුණු 17ක ජයක් ලැබීමට ඉන්දියාව සමත් විය. මෙවර තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙස ඉන්දියාව ශූරතාව හිමිකර ගැනීම සුවිශේෂී වන අතර, ශ්රී ලංකාවට හිමිවූයේ තෙවැනි ස්ථානයයි.
කණ්ඩායම් 06ක සහභාගීත්වයෙන් මෙවර ආසියානු කුසලාන කාන්තා ක්රිකට් තරගාවලිය පැවැති අතර, ඉන්දියාව, පාකිස්තානය, ශ්රී ලංකාව හා බංග්ලාදේශයට අමතරව තායිලන්තය හා නේපාලයෙන් කාන්තා ක්රිකට් කණ්ඩායම් සහභාගි විය.
අවසන් තරගයේ හා තරගාවලියේ වීරවරිය ලෙස අත්දැකීම් බහුල ඉන්දීය හිටපු නායිකාව වන මිතලි රාජ් සම්මාන දිනාගත්තාය.