ආසියානු කුසාලාන ක්‍රිකට් තරගාවලියේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අසියානු ක්‍රිකට් කවුන්සිලය විසුරුවා හැරීමට හෝ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය හා ඒකාබද්ධ කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව ඇති හෙයිනි.
මේ වසරේ ජූනි මාසයේ සිට ආසියානු ක්‍රිකට් කවුන්සිලය වසා දමා, එහි පවතින දෙපාර්තමේන්තු දෙකක් පමණක් ක්‍රියාත්මක කරවීමටද බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වර්තමාන සභාපති ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ජයන්ත ධර්මදාස මහතායි.