මැලේසියාවේදී පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 20 පහළ රග්බි තරගාවලියේ පළමු අදියරට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (12දා) රාත්රියේදී මැලේසියාව බලා පිටත්ව යාමට නියමිතය.
මෙම තරගාවලිය කාන්තා හා පිරිමි අංශ දෙක යටතේම පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවෙන් මේ සඳහා ඉදිරිපත් කරන්නේ පිරිමි කණ්ඩායමක් පමණි.
මෙම සංචිතය සඳහා ක්‍රීඩකයන් 12 දෙනෙකු අන්තර්ගතව ඇති අතර අතිරේක ක්‍රීඩකයන් 5 දෙනෙක්ද ඇතුලත් වෙති. මෙහි නායකත්වය ශාන්ත පීතර විද්‍යාලයේ කෙවීන් ඩික්සන්ට හිමිවිය. සංචිතය තෝරා ගැනීම සඳහා වන අවසන් තේරීම් තරග පසුගියදා (04දා) පැවැත්වුණද එම කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ අනුමැතිය හිමි වී තිබුණේ පෙරේදා (10දා) ය.
මෙම ක්‍රීඩකයන් සියලු දෙනාම මේ වර්ෂයේ හා පසුගිය වර්ෂයේදී පාසල් කණ්ඩායම් සඳහා ක්‍රීඩා කළ ක්‍රීඩකයන් වේ. (1995 හෝ ඊට පසු වර්ෂවල උපන්) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කොලින් දිනේෂ් මහතා ක්‍රියා කරන අතර කළමනාකරු ලෙස ක්‍රියා කරන්නේ රජීව් පෙරේරා මහතාය. තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජීව් පෙරේරා මහතා පැවසුවේ, මෙවර තරගාවලිය සඳහා හොඳ ශක්තියකින් හෙබි කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බවත්,
මේ සඳහා එක්වන කණ්ඩායම් අතර හොංකොං, කසකස්ථානය, කොරියාව වැනි කණ්ඩායම් ශ්‍රී ලංකාවට අභියෝගයක් විය හැකි බව අධ්‍යයනය කළ බවත්ය.
මෙම තරගාවලිය සඳහා කාණ්ඩ 3 ක් (ඒ, බී, සී) යටතේ කණ්ඩායම් 9 ක් තරග වදින අතර, ශ්‍රී ලංකාව මෙහි %බී^ කාණ්ඩය යටතේ තරග වදියි. ශ්‍රී ලංකාව සමගින් මෙම කාණ්ඩයේ මැලේසියාව හා චීන තායිපේ කණ්ඩායම් තරග වදියි. ඊට අමතරව %ඒ^ කාණ්ඩය සඳහා හොංකොං, සිංගප්පූරුව, කසකස්ථානයත්, %සී^ කාණ්ඩය සඳහා කොරියාව, තායිලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් තරග වදියි.
තරගාවලියේ තරග එළඹෙන 15 හා 16 යන දෙදින තුළදී මැලේසියාවේ ජොහෝර් බහාරුහීදී පැවැත්වේ.
තරගාවලිය සඳහා පිටත්ව යන සංචිතය හා ඔවුන් ක්‍රීඩා කළ පාසල් පහත දැක්වේ.
සංචිතයේ ක්‍රීඩකයන්
ප්‍රින්ස් චාමර (විද්‍යා-කොළඹ), රෙහාන් සිල්වා (ඉසිපතන - කොළඹ), බුද්ධිම පියරතන (ඩී.එස්. සේනානායක - කොළඹ), චම්මක සමරතුංග (වෙස්ලි - බොරැල්ල), කෙවින් ඩික්සන් (ශාන්ත පීතර - බම්බලපිටිය), රොෂාන් පොතුපිටියගේ (විද්‍යා - ගල්කිස්ස), රීසා රෆයිඩීන් (කිංග්ස්වුඩ් - මහනුවර), ෂම්රි බූරා (ශාන්ත පීතර - බම්බලපිටිය), නිෂෝන් පෙරේරා (ශාන්ත පීතර - බම්බලපිටිය), සිතුම් පීරිස් (වෙස්ලි - බොරැල්ල), සුපුන් ඩිල්ෂාන් (වෙස්ලි - බොරැල්ල), ඔමල්ක ගුණරත්න (ඉසිපතන - කොළඹ)
අතිරේක ක්‍රීඩකයන් -
අසිත පුංචිහේවා (ඉසිපතන - කොළඹ), ලසිඳු කරුණාතිලක (විද්‍යා), ෂෙනාල් ඩීලක (ඉසිපතන -කොළඹ), කුෂාන් සිල්වා (ඉසිපතන - කොළඹ), තනුජ මධුරංග (විද්‍යා - ගල්කිස්ස)
නිලධාරීන්-
කොළින් දිනේෂ් (පුහුණුකරු), රජීව් පෙරේරා (කළමනාකරු), අමිත් ජයසේකර (භෞත චිකිත්සක)