සංචාරක දකුනු අප්රිකාව සමගින් පැවති තරග 2 කින් සමන්විත පන්දුවාර විස්ස තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්වයෙන් යුතුව අවසන් කිරීමට නවසීලන්තය සමත් විය. ඒ දකුණු අප්රිකාවේ සෙන්චූරියන් හීදී පැවති දෙවැනි හා අවසන් පන්දුවාර විස්ස තරගයෙන් ලකුනු 32 ක පහසු ජයක් ලබමිනි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය සිය පන්දුවාර විස්ස අවසානයේදී කඩුළු 7 ක් දැවී ලකුනු 177 ක් රැස් කළහ. කෙසේ වෙතත් ලකුනු 178 ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්තය සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 8 ක් දැවී රැස් කලේ ලකුනු 145 ක් පමනි.
අවසන් තරගයේ හා තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම හිමි කර ගැනිමට නවසීලන්ත ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් සමත් විය
