එළඹෙන 2018 වර්ෂයේ පැවැත්වෙන ආසියානු පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය වෙනුවෙන් සහභාගි වන ශ්රී ලංකා කණ්ඩායම අද සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතය.
ශ්රී ලංකාව ඇතුළු රටවල් 5 ක් සහබාගි වන මෙම තරගාවලිය හෙට (16) සිට එළඹෙන 24 වැනිදා දක්වා සෞදි අරාබියේ රියාද් නුවරදී පැවැත්වේ.
ක්රීඩකයින් 19 කින් සමන්විත ශ්රි ලංකා කණ්ඩායමේ නායකත්වය මහනුවර ශා. සිල්වෙස්තර විදුහලේ විශල්ක සුලක්ෂණ විසින් දරණු ලබයි.
තරගාවලියේදී ශ්රී ලංකායේ ප්රතිවාදීන් ලෙසින් උස්බෙකිස්ථානය, සෞදි අරාබිය, ජෝර්දානය හා බහරේනය ක්රියා කරයි.
එහිදී ශ්රී ලංකාව හෙට බහරේනය සමගින් තරග වැදීමට නියමිතය.