නෙදර්ලන්තය හා පැවැති අවසන් පූර්ව තරගය දඩුවම් පහර 4-2ක් ලෙසින් ජයගත් ආර්ජන්ටිනා කණ්ඩායම 2014 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.
ඒ අනුව අවසන් තරගයේදී ඔවුන් ජර්මනිය හා තරග වැදීමට නියමිතය. ලෝක කුසලාන අවසන් තරගයකට ආර්ජන්ටිනා කණ්ඩායමක් සුදුසුකම් ලබන්නේ වසර 24කට පසුව වන අතර ඔවුන් 1990 වසරේදී අවසන්වරට ලෝක කුසලාන අවසන් තරගයකට ක්රීඩාකර තිබේ.
ජර්මනිය 2002 වසරේදී අවසන් තරගයකට සුදුසුකම් ලබා තිබෙන අතර එහිදී ඔවුන් බ්රසීලය හමුවේ පරාජයට පත්ව තිබේ. ආර්ජන්ටිනා කණ්ඩායමකට අවසන්වරට ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ජර්මනි කණ්ඩායමක් හමුව තිබෙන්නේ 1990 වසරේදීය. එවකට බටහිර ජර්මනිය ගෝල 1-0ක් ලෙස ආර්ජන්ටිනාව පරාජය කරමින් ලෝක කුසලානය හිමිකරගෙන තිබේ.